පාරිභෝගික සමතුලිතය වෙනස් වීම
මෙහෙමයි. අපි කලින් පාරිභෝගික සමතුලිතය කියල කිව්වෙ මොකක්ද ? IC වක්‍රය හා BC වක්‍රය එකිනෙකට ස්පර්ශ වන ලක්ෂ්‍යය. හැබැයි එහෙම සමතුලිතයක ඉද්දී. එකවරම ආදායම හෝ භාණ්ඩ වල මිල වෙනස් වුනොත් මොකද වෙන්නෙ. කලින් සමතුලිතයම එවිටත් පවතිනවද . නෑ නේද. අන්න ඒ දේ සිද්ධ වෙන ආකාරය අපි බලන්න ඕන. හැබැයි මිල , ආදායම ප්‍රායෝගික ලෝකය තුල එක වැර වෙනස් වෙන්න පුලුවන්. නමුත් අපි පහසුව තකා ඒ ඒ විචල්‍ය වල වෙනස් වීම වෙන වෙනම කතා කරනවා. ඒ විදියට අපි මුලින්ම කතා කරන්නේ ආදායම වෙනස් වීම ගැනයි. - පාරිභෝගිකයාගේ මුදල් ආදායම වෙනස්වීම තුලින් ඇතිවන ප්‍රතිවිපාක - මේ දේ තුලින් අපිට දකින්න පුලුවන් මූලිකම ප්‍රතිඵලය තමයි ආදායම් පරිභෝජන වක්‍රය හෙවත් Income consumption curve . කෙටියෙන් අපි ICC කියල කියනවා. එසේ , ආදායම් පරිභෝජන වක්‍රය යනු, "සලකා බලන කාලපරිච්ඡේදයක් තුලදී , භාණ්ඩ වල මිල ඇතුලුව අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී , පාරිභෝගික මුදල් ආදායම පමණක් වෙනස් වන්නේ නම්, එහිදී ඒ ඒ ආදායම් මට්ටම් වලදී ඇතිවන විවිධ පාරිභෝගික සමතුලිත ලක්ෂ්‍යයන් යා කරමින් අදිනු ලබන රේඛාවයි. " නිර්වචනය තුලම උපකල්පන 2 යි...

Comments
Post a Comment