නිෂ්පාදන න්‍යාය හැඳින්වීම
හොඳයි මේ තමයි අපේ ඊලඟ පරිච්ඡේදය. අපි කලින් කතා කරා වෙලඳපලේ ඉන්න ගැනුම් පාර්ශවය වුනු පාරිභෝගිකයා විසින් කොහොමද එයාගේ තීරණ ගන්නේ සහ මිලදී ගැනීම කරන්නෙ කෝමද කියන එක. එම පාඩම සම්පූර්ණයෙන්ම දීර්ඝ විස්තරයක් සහිතව වෙනම පෝස්ට් සීරියස් එකක් ලෙස අපි දැනටමත් කරල අවසන්.
ඉතිං අපි පාරිභෝගිකයා විතරක් කතා කරල මදි වෙලඳපොල පාර්ශවය දෙකකින්ම සමන්විත.වෙන නිසා , අපි මේ දෙපැත්තම සලකා බැල්ය යුතුමයි. ඉතිං මේ අපි කතා කරන්න යන්නෙ , නිෂ්පාදකයා සහ ඔහුගේ තීරණයන් ගන්නා අකාරය පිලිබඳවයි.
අපි පලමුව කතා කරන මූලික සංකල්ප තමයි මේ.
🔴 කෙටිකාලයට අදාල නිෂ්පාදන න්‍යාය.
🔴 නිෂ්පාදන ශ්‍රිතය.
🔴 මුලු, සාමාන්‍ය හා ආන්තික නිෂ්පාදනය.
🔴 නිශ්පාදනයේ අවධි.
🔴 හීනවන ආන්තික ඵල.
හොඳයි අපි අද පාඩමේ මුලින්ම කතා කල යුත්තේ නිෂ්පාදන න්‍යාය යනු කුමක්ද කියන එකයි.
එහිදී යම් නිෂ්පාදනයක් කරන්නෙ කොහෙද ? ඒ අනිවාර්යයෙන්ම කර්මාන්තශාලා , යන්ත්‍රසූත්‍ර වලට අදාල ආයතනයක නේද ?
නිෂ්පාදනය පාන් නම්, ඒවා හදන්නෙ බේකරියක. ඒ විදියට මේ බේකරිය තමයි ආයතනය.
එසේ ,
ආයතනය ( Firm ) යනු ,
🔹 ශ්‍රමය , අමුද්‍රව්‍යය , හා ප්‍රාග්ධනය වැනි යෙදවුම් නිමවුම් බවට පත් කරන සංවිධාන වේ.
එසේ ,
නිෂ්පාදනය ( Production ) යනු ,
🔹 යෙදවුම් , නිමුවම් හෙවත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරනු ලබන ක්‍රියාවලිය වේ.
මෙසේ ඕනෑම ආයතනයක් නිෂ්පාදනයට යොදා ගන්නා යෙදවුම් කාණ්ඩ 3 කට බෙදිය හැකිය.
1. ප්‍රාග්ධනය ( Capital -K )
2. ශ්‍රමය ( Labour - L )
3. අමුද්‍රව්‍යය ( Material - M )
ඒ වගේම මේ input හෙවත් යෙදවුම් තවදුරටත් පැති දෙකකට කඩන්න පුලුවන් . මේක ඇත්තටම කාලය මත පදනම් වන වර්ගීකරණයක්.
1. ස්ථාවර යෙදවුම් ( Fixed Input ) .
- කෙටිකාලය තුල වෙනස් කල නොහැකි යෙදවුම් වේ.
මේවා කෙටිකාලයේදී පමණක් දැකිය හැක.
🔹 සරලව නිෂ්පාදනයට අනුලෝමව වෙනස් කල නොහැකි යෙදවුම් වේ.
( හාල් නිෂ්පාදන ප්‍රමාණය කිලෝ 100 සිට 200 දක්වා වෙනස් කරන විට වී නමැති අමුද්‍රව්‍යය වෙනස් කලද කිලෝ 500 ක ධාරිතාවය සහිත වී කොටන මැෂිම වෙනස් කරන්නේ නැත. එය වෙනස් නොකර ස්තාවරව පවතී. නමුත් 500 kg වඩා වී කොටන දවසට තවත් මැෂිමක් ගේන්න සිදුවේ. එසේ අලුත් මැෂිමක් ගේනන පුලුවන් වුනා නම් ඒ කාලය තමයි ඒ නිෂ්පාදනයකයගේ දිගුකාලය.)
හිතන්න හාල් මෝලක තියෙන හාල් කොටන මැෂින් එකයි. වී කියන අමුද්‍රව්‍යය ගැනයි. වී කියන අමුද්‍රව්‍යය නම් අනාවාර්‍යයෙන්ම නිතර වෙනස් වෙනවා. නමුත් මැෂින් ගාන දවසින් දවස වගේ කෙටි කාලයකින් වෙනස් කරන්න පුලුවන් ද. බෑ නේද. මෙතනදී කෙටිකාලය කියන දේ කැලැන්ඩර් වර්ෂ හරහා අවුරුද්දකට වඩා අඩුයි නම් කෙටි කාලයක්. අවුරුද්දකට වඩා වැඩියි නම් දිගු කාලයක් වගේ පටු තැනක ඉන්න එපා. ඒක ඒ අදාල නිෂ්පාදකයාට අවේණික දෙයක්. ඒක ඇත්තටම තීරණය වන්නේ නිෂ්පාදකයාට තමන්ගේ ස්ථාවර යෙදවම් වෙනස් කරන්න පුලුවන් කාලය මත. නිෂ්පාදනයකයාට තමන්ගේ සියලූම යෙදවුම් වෙනස් කරගන්න පුලුවන් කාලය කියන්නේ , දිගුකාලයට. ඇත්තනෙ.හිතන්න අර මෝලක වී තම්බන බොයිලේරුවක් හිතුව ගමන් හෙට ගන්න පුලුවන්ද ? . ඊට පස්සේ නිකං වී නමැති අමුද්‍රව්‍යය වගේ නිකංම සරලව තවත් බොයිලේරුවක් හෙට අරන් එන්න පුලුවන්ද ? බෑ. ඒ විදියට ආදාල නිෂ්පාදනයකයාට ඒ යෙදවුම් වෙනස් කරගන්න නිසි කාලයක්, මුදල් ආදීය සැලකිය යුතු අන්දමින් ඕන වෙනවා. අන්න එහෙම සියලූම වර්ගයේ යෙදවුම් වෙනස් කරගන්න පුලුවන් කාලය තමයි දිගු කාලය. හැබැයි එහෙම බැරි නම් ඒ කෙටිකාලය.


Comments
Post a Comment