මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය
මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය. ( Price consumption curve - PCC & Demand curve )
අපි කලින් කතා කරානෙ ආදායම් පරිභෝජන වක්‍රය හා ඒ ඇසුරින් හදපු ඒංගල් වක්‍රය .
අන්න ඒ වගේම මෙතනදී අපි හදනවා මිල පරිභෝජන වක්‍රය සහ ඒ ඇසුරින් ඉල්ලුම් වක්‍රය.
අපි මුලින්ම කිව්ව මේ අපි කතා කරන්නෙ පාරිභෝගික සමතුලිතය වෙනස් වීම සහ එම වෙනස් වීමට බලපාන මූලික සාධක දෙක කියල. දැන් අපි එකක් කතා කරල ඉවරයි ඒ තමයි ආදායම. ඒ වගේම අපි ඒ වෙනස් වීමත් සමඟ ඇතිවන ආදායම් පරිභෝජන වක්‍රයත් හැදුව. ඒ ඇසුරින් ඒංගල් වක්‍රය හැදුවා.
ඉතින් දැන් අපි කරන්න යන්නෙ,
සමතුලිතය වෙනස් වීමට බලපාන අනෙක් සාධකය වන මිල වෙනස් වීම සහ ඒ වෙනස් වීම සලකා බලා නිර්මාණය කරගත හැකි වක්‍රය වන, මිල පරිභෝජන වක්‍රය හා ඒ ඇසුරින්, අපි කවුරුත් දන්න ඉල්ලුම් වක්‍රය නිර්මාණය කර ගැනීම. ඉතින් උසස් පෙල දී නම් , ඉල්ලුම් වක්‍රය නිකංම ඇන්දත්, මෙතනදී අපිට පැහැදිලිව අවබෝධ කරගන්න පුලුවන් කොහොමද අපේ ඉල්ලුම් වක්‍රය නිර්මාණය වන්නේ සහ එයට පදනමක් ඇති බව යන කාරණා දෙකම.
මිල පරිභෝජන වක්‍රය යනු,
" සලකා බලන කාලපරිච්ඡේදය තුල , ආදායම ඇතුලු අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී, භාණ්ඩයක මිල පමණක් වෙනස්වීම මත ඇතිවන නව සමතුලිත ලක්ෂ්‍යය යා කරමින් අදිනු ලබන රේඛාවයි" .
මේකත් නිකං ආදායම් පරිභෝජන වක්‍රය වගේමයි.
හැබැයි උපකල්පන දෙක මාරු වෙලා.
1. එක් භාණ්ඩයක පමණක් මිල වෙනස් වෙයි.
2.අනෙක් භාණ්ඩයේ මිල නොවෙනස්ව පවතී.
3. ආදායම නොවෙනස්ව පවතී.
මෙසේ නිර්මාණය කරගන්නා මිල පරිභෝජන වක්‍රය හරහා ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරගත හැක.
පහත වක්‍ර සහිත සටහන හරහා අපිට පුලුවන් මේක හොඳින් පැහැදිලි කරන්න.
අපි දන්නව එක් භාණ්ඩයක මිල වෙනස් වුනොත්, එම භාණ්ඩය පවතින අක්ෂයෙන් අදායම් සංරෝධකය වක්‍රය ඉහලට හෝ පහලට භ්‍රමණය වෙනවා.
මිල අඩු වෙනවා නම් දකුණටත් ,
මිල වැඩි වෙනවා නම් වමටත් වක්‍රය භ්‍රමණය වෙනවා.
අපි මිල දිගින් දිගටම අඩු වෙනවා යැයි සලකමු. බලන්න මේ වක්‍රය X නැමැති භාණ්ඩයේ මිල අඩු වීමට අනුලෝමව දිගින් දිගටම දකුණට භ්‍රමණය වෙනවා. එකේ ප්‍රතිඵලයක් විදියට X නැමැති භාණ්ඩයේ පරිභෝජනය කරන හෙවත් ඉල්ලුම් කරන් ඒකක ප්‍රමාණය වැඩිවෙනවා.
දැන් අනිත් අතට හිතන්න.
X ගේ මිල දිගින් දිගටම වැඩි වෙනවා කියල හිතුවොත්, මිල වැඩි වීමත් එක්කම BC වක්‍රය වමට භ්‍රමණය වෙලා. ඒ භ්‍රමණය වීමත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය අඩුවෙලා.
මේ විදියට මිල වෙනසට ප්‍රකාරව ඇති වන නව සමතුලිතයන් යා කල විට අපිට මිල පරිභෝජන වක්‍රය ලැබෙනවා.
ඒ හරහාම පහත පරිදි ඉල්ලුම් වක්‍රයත් අපිට නිර්මාණය කරගත හැක.
පෙර සඳහන් කලා වගේ මිල වැඩිවන විට පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අඩු කල අතර ,
මිල අඩු වන විට පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.
ඒ කියන්නෙ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සබඳතාවය හෙවත් ඉල්ලුම් නීතිය අපිට මෙතනදී දකින්න පුලුවන්. එසේ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරගන්නත් පුලුවන්.

Comments
Post a Comment