පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

 

මෙහෙමයි. අපි  කලින් පාරිභෝගික සමතුලිතය කියල කිව්වෙ ⁣මොකක්ද ? IC වක්‍රය හා BC වක්‍රය එකිනෙකට ස්පර්ශ වන ලක්ෂ්‍යය. හැබැයි එහෙම සමතුලිතයක ඉද්දී. එකවරම ආදායම හෝ භාණ්ඩ වල මිල වෙනස් වුනොත් මොකද වෙන්නෙ. කලින් සමතුලිතයම එවිටත් පවතිනවද . නෑ නේද. අන්න ඒ දේ සිද්ධ වෙන ආකාරය අපි බලන්න ඕන. හැබැයි මිල , ආදායම ප්‍රායෝගික ලෝකය තුල එක වැර වෙනස් වෙන්න පුලුවන්. නමුත් අපි පහසුව තකා ඒ ඒ විචල්‍ය වල වෙනස් වීම වෙන වෙනම කතා කරනවා. 


ඒ විදියට අපි මුලින්ම කතා කරන්නේ ආදායම වෙනස් වීම ගැනයි. 


- පාරිභෝගිකයාගේ මුදල් ආදායම වෙනස්වීම තුලින් ඇතිවන ප්‍රතිවිපාක - 


මේ දේ තුලින් අපිට දකින්න පුලුවන් මූලිකම ප්‍රතිඵලය තමයි ආදායම් පරිභෝජන වක්‍රය හෙවත් Income consumption curve . කෙටියෙන් අපි ICC කියල කියනවා. 


එසේ , ආදායම් පරිභෝජන වක්‍රය යනු,


"සලකා බලන කාලපරිච්ඡේදයක් තුලදී , භාණ්ඩ වල මිල ඇතුලුව අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී , පාරිභෝගික මුදල් ආදායම පමණක් වෙනස් වන්නේ නම්, එහිදී ඒ ඒ ආදායම් මට්ටම් වලදී ඇතිවන විවිධ පාරිභෝගික සමතුලිත ලක්ෂ්‍යයන් යා කරමින් අදිනු ලබන රේඛාවයි. " 


නිර්වචනය තුලම උපකල්පන 2 යි. ⁣ඒක හොඳටම වැදගත් හා අමතක නොකල යුතුමයි.


🔴 1. මිල නොවෙනස්ව පවතී.

🔴 2. ආදායම පමණක් වෙනස් වේ. 


පහත දක්වලා තියෙනවා මේ සමස්ත ක්‍රියාවලිය වෙන විදිය. ඒ කියන්නේ ICC කෙහොමද නිර්මාණය වෙන්නෙ කියන එක. 


හැබැයි අපිට එක පාරම හැම භාණ්ඩයකටම සර්ව සම්පූර්ණයෙන් එකම විදියට මේ ICC වක්‍රය තීරණය වෙනවා කියල කියන්න අමාරුයි. උසස් පෙල ආර්ථික විද්‍යාව ඔබ ඉගෙන ගෙන තියෙනවා නම් ඔබ දන්නවා. භාණ්ඩ වල ස්වභාවය අනුව විවිධ භාණ්ඩ වර්ග දකින්න තිබෙන වග. අන්න ඒ වගේ අපි මෙතනදීත් ඒ ඒ භාණ්ඩ වලට වෙන වෙනම ආදායම් පරිභෝජන වක්‍රය තීරණය වන අයුරු බලන්න ඕන. 


පහතින් තියෙන්නෙ සාමාන්‍ය භාණ්ඩයක අදාලව එය තීරණය වන ආකාරය.


හොඳට මතක තියා ගන්න අපි මේ භාණ්ඩ වර්ග කරලා හඳුනාගන්නෙ ආදායම වෙනස් වීමට දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය මත. අන්න ඒ හැසිරීම් වෙන්නෙ කෝමද කියන එක අපි උසස් පෙලදි දීර්ඝව කතා කරන්නෙ නෑ. නිකංම නිර්වචනය අවබෝධ කර ගැනීමක් පමණයි අපි උසස් පෙලදී කරන්නෙ. නමුත් අපි මෙතනදී ඒ ඒ භාණ්ඩ වල නිර්වචනය කෝමද ඇත්තට සිද්ධ වෙන්නෙ කියන එක අවබෝධ කරගමු. 


ඒ අනුව පාරිභෝගික මුදල් ආදායම වෙනස් වීමේ ආකාරය අනුව පරි⁣භෝජන ප්‍රමාණය වෙනස් කරන ස්වභාවයේ ආකාරය මත හඳුනාගන්නා භාණ්ඩ වර්ග 4 ක් මෙහිදී සලකා බලමු. 


1. සාමාන්‍ය භාණ්ඩ ( normal goods)

2. බාල භාණ්ඩ (inferior goods )

3. අත්‍යවශ්‍ය භාණ්ඩ ( Essential goods )

4. අනිවාර්ය භාණ්ඩ ( Cumpulsory goods )


පලමු වක්‍රය පහතින් දක්වා තියෙනවා  සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන්.


මොකක්ද සාමාන්‍ය භාණ්ඩයක් කියල කියන්නෙ?

සරලව සාමාන්‍ය භාණ්ඩයක් යනු, " පාරිභෝගික ආදායම වැඩි වන විට ඉල්ලුම වැඩි වන හා ආදායම අඩුවන විට ඉල්ලමු අඩු වන භාණ්ඩ වේ." 


ඒ අනුව ආදායම සමඟ අනුලෝම සබඳතාවයක් මෙම භාණ්ඩ වල පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය දක්වනවා. 


ඉතින් අපි දැනටමත් දන්නවා. ඔය මොනම භාණ්ඩයක වුනත් පරිභෝජනය කරන්න පුලුවන් ඒකක ප්‍රමාණ අනන්ත සංඛ්‍යාවක් පවතිනවා.  නමුත් එයා ඒ අතරින් එකම එක ලක්ෂ්‍යයක් තෝරා ගන්නවා , පවතින ආදායම , මිල ඇතුලු සියලු සාධක සලකලා බලලා. අන්න ඒ ලක්ෂ්‍යයට තමයි අපි මේ කෑ ගහගෙන සමතුලිතය , සමතුලිතය කියල කියන්නෙ. ඉතින් මේ සමතුලිතය සාමාන්‍ය , බාල හෝ මොනයම් විදියේ භාණ්ඩයකට වුනත් පොදුයි. හැබැයි. අපි දැන් කතා කරන්නෙ සමතුලිතය වෙනස් වීම. ඒ කියන්නෙ මේ මොනයම් භාණ්ඩයක හෝ  දැනට පරිභෝජනය කරන ලක්ෂ්‍යය වෙනස් වීම ගැන තමයි කතා කරන්නෙ. ඒක වෙනස් වෙන්න පුලුවන් විධි දෙකෙන් පලවෙනි එක තමා මේ ආදායම වෙනස් වීම සමඟ සමතුලිතය වෙනස් වීම. 


හිතන්න මෙහෙම , මං අහනවා ඔයගෙන් , ඔයා පරිභෝජනය කරන යම් කිසි භාණ්ඩයක් තියෙනවා. ඒකෙන් දැන් යම් ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. එක පාරම ඔයාගේ  ආදායම වැඩි වුනොත් , ඔයා ඒ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයට මොකද කරන්නෙ. 


උත්තරේ සරලයි. දැනට පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි කරනවා නේද ? ඒ කියන්නෙ සමතුලිතය වෙනස් කරනවා කියන එක.


අනිත් පැත්ත හිතන්න. ආදායම අඩු වුනොත් සරලවම ඉතින් අඩුවෙන් නේද පරිභෝජනය කරන්නෙ.


අන්න ඔය වගේ සරල මට්ටමට අදාල , සාමාන්‍ය හැසිරීමක් දක්වන භාණ්ඩ තමයි පුතේ , සාමාන්‍ය භාණ්ඩ කියල කියන්නෙ.  


සාමාන්‍ය භාණ්ඩයක ආදායමත් එක්ක හැසිරීම ඔය විදියට සරල වුනාට , අපි කතා කරන හැම භාණ්ඩයම සරලව හැසිරෙන්නෙ නෑ. ටිකක් වෙනස් එක එක විදියට හැසිරෙනවා. නව සමතුලිතය හෙවත් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය තීරණය වන ආකාරය විවිධ භාණ්ඩ වල විවිධාකාරයි.



ඉතින් උදාහරණ විදියට , 


පරිභෝජනය කරන හාල් ,

පරිභෝජනය කරන mobile data,

වගේ දේවල් සාමාන්‍ය භාණ්ඩ නේද?


මේ විදියට ආදායම වෙනස් වීම සමඟ සාමාන්‍ය භාණ්ඩයක සමතුලිතය තීරණය වන ආකාරය තමයි.මේ බලන්න ආදායම වඩි වන විට වැඩි වෙලා. අඩුවන විට ප්‍රමාණය අඩු කරලා. 


අපි දැනටමත් දන්නවා පාරිභෝගික මුදල් ආදායම වැඩි වු ගමන් budget constraint / ආදායම් සංරෝධකය දකුණට විතැන් වෙනවා. ඒ අනුව භාණ්ඩ වර්ග දෙකේම අක්ෂ දෙකේ දකුණට විතැන් වෙලා. නව සමතුලිතයක් දකුණින් නිර්මාණය වනවා. ආදායම අඩු වුනොත් එහි විලෝමය සිද්ධ වෙනවා. දිගින් දිගටම ආදායම වැඩි වුනොත් , සිද්ධ වෙන දේ තමයි මේ.


ඉතින් අපිට ලැබෙන සාමාන්‍ය භාණ්ඩයකට අදාල ආදායම් පරිභෝජනය වක්‍රය වමේ සිට දකුණට ඉහලට , ධන බෑවුමක් සහිතව ගමන් කරන එකක් වෙනවා. 


ඒ ධන බෑවුමෙන් අපිට කියන දේ තමයි ආදායම වැඩිවන විට ප්‍රමාණය වැඩිවේ. අඩුවන වන විට අඩු වේ කියන දේ.


😊☺️😄

#EconwithASM

#Economics

#conusumerbehaviourtheory

#Utility

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

#Ordinalutilitytheory

#ක්‍රමසූචකඋපයෝගීතාවය

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

පාරිභෝගික සමතුලිතය

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2