මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

 මේ ප්‍රතිවිපාකය සිදුවන ආකාරය ගැන දැනට අපි කතා කරේ වචනයෙන් විතරයි. නමුත් මේක සිද්ධ වෙන ආකාරය හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ වක්‍ර නිර්මාණය කරලයි. මින් පසුව රූපසටහන් හා වක්‍ර ආශ්‍රයෙන් උදාහරණ සහිතව මේ දෙය පැහැදිලි කරගමු. 


හොඳට මතක තබා ගත යුතු කාරණය තමයි මේ ප්‍රතිවිපාක දෙකට පදනම් කරගත් උපකල්පන හරියටම ඒ අවස්ථාවට ගලපා ගත යුතුයි කියන එක.


නැත්නම් තේරුම් ගන්න අමාරයි මේක සිද්ධ වෙන විදිය. 👇🙂


උදාහරණය අනුව, 


පසිඳුගේ ආදායම රුපියල් 300.


දැනට පීසා එකක මිල 30 යි.

දැනට බගර් එක මිල 20 යි.


ඒ අනුව යමින් මෙතන ආදායම් සංරෝධකය ( budget constraint ) සහ  උපේක්ෂා වක්‍ර නිර්මාණය කර ඇත.


දැනට A කියන ලක්ෂ්‍යයේ සමතුලිතය විදියට පසීදු පරිභෝජනය කරමින් ඉන්නවා.


පීසා වලින් නම් ඒකක 6 යි.



දැන් එකවරම පීසා එකක මිල රුපියල් 15 කින් අඩු වෙනවාලු.

මොකද වෙන්නෙ .අලුත් ආදායම් සංරෝධකයක් ඇතිවෙනව නේද? ඒක B2 ලෙස නම් කරනවා. හරියටම කිව්වොත් B1 වක්‍රය පීසා අක්ෂයෙන් දකුණට භ්‍රමණය වෙලා.


දැන් බලන්න අලුත්ම සමතුලිතයක් නිර්මාණය වෙලා A වල සිට B දක්වා අලුත් ලක්ෂ්‍යයක පසිදු කටයුත කරනවා. දැන් එවිට පසිදු පීසා ඒකක 11ක් පරිභෝජනය කරනවා.



කලින් කිව්ව නව සමතුලිතය කියල පීසා 11ක් පරිභෝජනය කරනවා කියල.

හැබැයි මෙන්න මේක හොඳට මතක තබා ගන්න ඕන.

අපි මුලින් මේ කතා කරන්නෙ, ආදේශන ප්‍රතිවිපාකය. අපි එතනදී කිව්ව උපකල්පන ගැන. අපි කිව්ව ආදේශන ප්‍රතිවිපාකය තුල කිසිම විදියකින් උපයෝගීතාවය වෙනස්වෙන්නෙ නෑ කියන එක. මිල විතරමයි වෙනස් වෙන්නෙ කියන එක.

එහෙනම් මේකෙ කියපු විදියට, U1 වල ඉදලා U2 දක්වා අලුත්ම වක්‍රය දකුණට හැදිලා .නව සමතුලිතයක් හැදෙනවා කියන එක වැරදි හා උපකල්පන වලට පටහැනියි නේද ?


වෙන්න ඕන දේ තමයි , හිටපු උපේක්ෂා වක්‍රයේම මේ පසිදු කටයුතු කරනවා කියන එක. ඒක සිද්ධ වෙන්නෙ මෙහෙමයි.

මේ විදියට උපයෝගීතාවය එලෙසම තබා ගෙන මිල අඩු වීම මත ඇතිවූ ප්‍රතිලාභ එලෙසම ගෙනන පරිදි, විතැන් වූ ආදායම් සංරෝධකය , ගැලපෙන පරිදි නැවත අඩු කරවනවා, නැවත පහල යවනවා. මේකට අපි කියනවා ආදේශන ප්‍රතිවිපාකය වියෝජනය කිරීමක් ( decomposition of substitution effect ) කියල.



ඉතින් මේ ආදේශන ප්‍රතිවිපාකය වියෝජනය මේ විදියට කරනවා.

අපි පැරැණි උපයෝගීතා හෙවත් උපේක්ෂා වක්‍රය මතම කටයුතු කරමින් , අලුත් ආදායම් සංරෝධකයක් අදිනවා , පැරැණි උපේක්ෂා වක්‍රයට ස්පර්ශක වෙන්න.හැබැයි මේ කඩ ඉරි වලින් පෙන්වන ඒ අලුත් ආදායම් සංරෝධකය ( B* ) ,  දෙවනුව ඇති වූ ආදායම් සංරෝධකයට ( B2) සමාන්තරව ඇදිය යුතුයි.

- මෙහි නව BC වක්‍රය කඩ ඉරි වලින් පෙන්වන්නේ එය මවාගත් වක්‍රයක් වන බැවිනි. -

අන්න ඒ විදියට උපයෝගීතාවය එලෙසම තබා ගෙන නව ආදායම් සංරෝධකයක් ඇති වෙලා තියෙනවා මේ මිල වෙනසත් එක්ක අන්න ඒ සමතුලිතය තමයි ඇත්තටම දැනට නව සමතුලිතය වෙන්නෙ. 


ඉතින් මෙතන පැරැණි සමතුලිතය A.

නමුත් පීසා මිල වීමත් එක්කම තාවකාලිකව සමතුලිතය B දක්වා යනවා.

නමුත් ආදේශන ප්‍රතිවිපාකය නිසිපරිදි ක්‍රියාත්මක වීම මත සමතුලිතය C ලෙස වෙනස් වෙනවා.

ඒ අනුව පීසා වල මිල අඩු වීම මත පීසා ඒකක ප්‍රමාණය දැනට 6 සිට 9 දක්වා වැඩි වෙනවා. 
එනම් මිල වෙනස්වීමක ආදේශන ප්‍රතිවිපාකය වනනේ ඒකක 3 කි..

මිල අඩු වුනොත් වෙන්නෙ මේකෙ විලෝමය.




පීසා මිල වෙනස් වුන විට, ප්‍රමාණය වෙනස්වෙන්න ආදේශන ප්‍රතිවිපාකය වගේම ආදායම් ප්‍රතිවිපාකයත් බලපානව නේ. එහෙනම් ඒකෙන් ඇති කරන බලපෑම තමයි මේ.

අපි ආදායම් ප්‍රතිවිපාකය පැහැදිලි කරද්දී කියපු උපකල්පන මතක තබා ගැනීම ඉතාම වැදගත්.

ඉතින් , අපි කිව්වා ආදායම් ප්‍රතිවිපාකයට අදාලව භාණ්ඩයේ මිල සමඟ උපයෝගීතාවයත් වෙනස් වෙනවා කියල. අන්න එකට අනුව බලන්න පහත උදාහරණ. කලින් උදාහරණයේහ දිගුව.

බලන්න ආදේශන ප්‍රතිවිපාකය වගේ නෙවේ. උපයෝගීතාවය වෙනස් වන නිසා උපේක්ෂා වක්‍රයත් දකුණට විතැන් වෙලා. මිල වෙනසත් එක්කම.
ඒ අනුව ආදායම් ප්‍රතිවිපාකය ඇති වීම නිසා ඒ හරහා U2 ලෙස උපේක්ෂා වක්‍රය දකුණට විතැන් වී නැවත BC වක්‍රය B2 ලෙස දකුණට විතැන් වේ. එසේ අවසානයේ පීසා මිල අඩු වීමේ ප්‍රතිඵලය ලෙස B නමැති සමතුලිතය නිර්මාණය වන අතර පීසා ඒකක ප්‍රමාණය 11 දක්වා වැඩි වනු ඇත.



මේකයි සරලවම කාරණේ...

පීසා මිල 15 කින් අඩු වුනා, ඒ නිසා පීසා පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය 6 සිට 11 දක්වා 5 කින් වැඩිවුනා.

උඩින් පේන දේ ඕක වුනාට ඇතුලතින් බැලූ විට මෙය සිදු කරලා තියෙන්නෙ මිල වෙනස්වීමක ආදේශන හා ආදායම් ප්‍රතිවිපාකය විසින්.

ඒ අනුව, 
මිල වෙනස්වීමක ආදේශන ප්‍රතිවිපාකය = 3

මිල වෙනස්වීමක ආදායම් ප්‍රතිවිපාකය = 2

මුලු ප්‍රතිවිපාක හෙවත් ඒකක ප්‍රමාණයේ සිදුවන මුලු වෙනස = 3+ 2 = 5


හරිම සරලයි.

මිල අඩු වුනාම වෙන දේ මේකෙ විලෝමය...




















Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

පාරිභෝගික සමතුලිතය

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය