පාරිභෝගික වරණය හා පෙලගැස්වීම
පෙර කොටසින් අපි සඳහන් කරා පාරිභෝගික අභිරුචිය ගැන. ඒ අභිරුචිය කියන දේ නිකංම අපි මෙතනදී කතා කරන්නෙ නෑ. ඒකට බලපාන ගුණ නැත්නම් ලක්ෂණ 3ක් පදනම් කරගෙනයි අපි එය අධ්‍යයනය කරන්නෙ. ඒ 3 කතා කරන්න කලින් පහත පරිදි උදාහරණයක් ගැන හිතන්න.
පහත පරිදි A හා B ලෙස භාණ්ඩ බන්ඩල 2ක් පවතී. බන්ඩලයක් සමන්විත වෙනවා පතෝල කරල් හා සැමන් ටින් යන භාණ්ඩ වර්ග 2කින්. ( ගොඩක් දුරට ඉස්සරහට අපි කතා කරන හැම උදාහරණයක්ම භාණ්ඩ වර්ග 2ක් භාවිතා කරල තමයි කතා කරන්නෙ. )
A බන්ඩලය නැතහොත් කූඩය = පතෝල කරල් 4 යි. සැමන් ටින් 1 යි.
B බන්ඩලය නැතහොත් කූඩය = පතෝල කරල් 2 යි. සැමන් ටින් 2යි.
එතකොට තමන්ගෙ ආදායමින් වැඩිම අභිරුචිය තියෙන්නෙ කොයි බන්ඩලයද , අන්න ඒ බන්ඩලය තමයි පාරිභෝගිකයා මිලදී ගන්නෙ.
දැන් බලමු අභිරුචියට පදනම් වන ලක්ෂණ ( properties) 3.
🔴 1. Completeness - පරිපූර්ණත්වය / සම්පූර්ණත්වය .
A ට වඩා මම B ට කැමති. නැත්නම් B ට වඩා මම A ට කැමති, හෝ A හා B ට මම එකසමානව කැමතී , විදියට පාරිභෝගිකයාට තමන්ගෙ අභිරුචිය පැහැදිලිව පූර්ණව කියන්න පුලුවන් වෙන්න ඕන. කෙලින්ම තමන්ගේ අභිරුචිය පූර්ණ වශයෙන් වෙන් කර පැහැදිලි කරල දෙන්න පුලුවන් වෙන්න ඕන.
🔴 2. Transitivity / Rationality - සංක්‍රාම්‍යතාවය / තාර්කිකත්වය.
B ට වඩා මම A ට කැමති. එසේම C ට වඩා මම B ට කැමතී.
එසේ අනුපිලිවෙලක් හැදුවොත්,
අංක 1 A
අංක 2 B
අංක 3 C
නමුත් මම මෙහෙම දෙයක් කියනවා. මම කියනවා මම A ට වඩා C ට කැමති කියල. ඇත්තටම ඒක වැරදී. නේද? එහෙම කියන එකේ කිසිම පදනමක් නෑ. තාර්කික නෑ. අන්න එ වගේ අභිරුචියන් අපි ආර්ථික විද්‍යාවේදී මෙතනට පදනම් කරගනනෙ නැ. ඒ අනුව අපි කතා කරන අභිරුචියේ තාර්කිකත්වයක්, නිසි පදනමක් පවතින්න ඕන . ඒකයි දෙවන ලක්ෂණය.
🔴 3. More is better - ප්‍රමාණය වැඩිවන තරමට පාරිභෝගිකයා කැමති බව.
මේක අපි කලින් කතා කරපු සංඛ්‍යාසූචක උපයෝගීතාවයට සම්පූර්ණයෙන්ම වගේ පටහැනි. මොකද ඒකෙදී අපි කිව්ව ඒකක ප්‍රමාණය වැඩි කරත්ම උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙනවා කියල. නමුත් මේකට අනුව පුද්ගලයට වැඩි වැඩියෙන් පරිභෝජනය කරන්න ලැබෙනවා නම් එයා තව තවත් කැමති වෙනවා මොකද උපයෝගීතාවය වැඩි වෙනවා කියල හිතන නිසා.
උදාහරණ විදියට අද සබන් කැට 2 ක් ගන්න කෙනාට හෙට කැට 10ක් ගන්න ලැබෙනවා නම් එයා ඒකට කැමති. 2 ට වඩා 10 ක් ලැබෙනවා නම් එයා කැමති. සරලයි.
මෙන්න මේ ලක්ෂණ 3ම පැහැදිලි කරන්න පුලුවන් පහත වක්‍රය හරහා. වක්‍රය මොකක්ද කියල ඊලඟට බලමු.
මේ වක්‍රයේ අක්ෂ්‍යයන් දෙක තමයි අපි කතා කරන භාණ්ඩ වර්ග දෙක දාගන්නෙ. මෙතනනම් පදනම් කරන් තියෙන්නෙ මාසයකට මිලදී ගන්නා පීසා ගණන හා බර්ගර් ප්‍රමාණය වේ.
බලන්න මේකෙ එක එක ලක්ෂ්‍යයන් ගොඩක් තියනවා. ඒ හැම ලක්ෂ්‍යයකම භාණ්ඩ ප්‍රමාණයන් තියෙනවා වර්ග දෙකෙන්ම. හැබැයි අනුපාතය වෙනස්.
බලන්න මේ ලක්ෂ්‍යය වල අනුපාතය,
🔹a = 27 Pizza & 7 Burgers
🔹b = 24 Pizza & 6 Burger
🔹c = 8 Pizza & 25 Burger
🔹d = 6 Pizza & 8 Burger
🔹e = 15 Pizza & 15 Burger
🔹f = 22 Pizza & 20 Burger
මේ විදියට පාරිභෝගිකයාට ගන්න පුලුවන් අනන්ත ප්‍රමාණ බාන්ඩ සංයෝග නැත්නම් බන්ඩල තියෙනවනෙ. නමුත් ඒ හැම එකක්ම එකිනෙකට සමාන නෑ. ඒ ඒ භාණ්ඩ වල ඒකක ප්‍රමාණය සහ විවිධ පාරිභෝගිකයාට ඒඒ බන්ඩල වලින් ලබන උපයෝගීතාවය අනුව එකිනෙකට එම බන්ඩල වෙනස් වෙනවා.
එතකොට අර ලක්ෂණ ටික මේකෙන් පෙන්නෙ කෝමද ?
බලන්න මේකෙ අපි වක්‍රයක් නිර්මාණය කරල තියෙනවා. මේකෙ නම තමයි උපේක්ෂා වක්‍රය. ඉංග්‍රීසියෙන් කියන්නෙ indifference curve. Indifference කියන එකේ තේරුම තමයි. වෙනසක් නෑ කියන එක. උපේක්ෂා කියන එකේ තේරුමත් ඒකයි. වෙනසක් නෑ. සමානයි . එකමයි වගේ අදහසක් තමයි සිංහල ඉංග්‍රීසි දෙකම දිහා බැලුවොත් පේන්නෙ.අන්න ඒ නමත් එක්ක පවතින සංකල්පය මතක තියා ගන්න. මේකට උපේක්ෂා වක්‍රය කියල කියන්න හේතුව තමයි. මේ වක්‍රයේ අදාල අවස්ථාවේ , අදාල පාරිභෝගිකයා කොතැන පරිභෝජනය කලත්, එයාට ලැබෙන උපයෝගීතාවය එක හා සමානයි. බලන්න වක්‍රය දිගේ ඉහලට හෝ පහලට යන විට විවිධ ඒකක ප්‍රමාණයන් දක්නට ලැබෙනවා. හැබැයි ඒකක ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන් හැබැයි හැම තැනම උපයෝගීතාවය එකම අගයක් ගන්නවා. අන්න ඒකයි කොතැන හිටියත් එකයි. වෙනසක් නෑ යන අරුත දෙන නිසා අපි ඒකට උපේක්ෂා වක්‍රය කියනවා. ඒ දේ හොඳට මතක තියා ගන්න.
අපේ වක්‍රය අනුව මේ පාරිභෝගිකයාට c, e, b හෝ වක්‍රයේ කොතැක හිටියත් ලැබෙන උපයෝගීතාවය එකමයි කිසි වෙනසක් නෑ.
More is better කියන ලක්ෂණය ගත්තොත්, බලන්න දැන් අපි ඉන්නෙ e කියන ලක්ෂ්‍යයේ පරිභෝජනය කරන ගමන් නම් , භාණ්ඩ වර්ග දෙකේම පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අඩුයි. ඒ කියන්නෙ ඉහත ලක්ෂණයට පටහැනියි නේද ? More is better නම් less is worse වෙන්න ඕන නේද ? ඒ කියන්නෙ වැඩිවෙන්න වැඩි වෙන්න හොඳයි නම්. අඩු වීම නරකයි .පාරිභෝගිකයා හිතන්නෙ එහෙමයි.
බලන්න f , e වල ඉදන් f ට යන්න තිබුණි නම් භාණ්ඩ වර්ග දෙකම වැඩි කරගන්න පුලුවන්. පාරිභෝගිකයා e වල ඉදන් d ට යන්න අකමැති වුනාට e වල ඉදන් f ට යන්න කැමතියි. හේතුව more is better.
මෙහි තද පාටින් f සිටින කොටුවට මේ පාරිභෝගිකයාට යන්න පුලුවන් නම් එයාට භාණ්ඩ වර්ග දෙකම වැඩි කරගන්න පුලුවන් . ඒ නිසා එ කොටුව සුවිශේෂී වෙනවා වගේම තෘප්තිය උපරිම වෙන කලාපයක්.
නමුත් d පවතින කලාපය තෘප්තිය අඩුකරවනවා. මොකද වර්ග දෙකෙන්ම ඒකක ප්‍රමාණය අඩුවෙන නිසා . පාරිභෝගිකයා ඒ කලාපයට යන්න අකමැතියි.
a වලට ගියොත් e වල ඉදන්, pizza ප්‍රමාණය වැඩිවෙයි. හැබැයි burger අඩු වෙනවා. ඉතින් ඒ වගේ ලක්ෂ්‍යයකට ගියා කියල ඇති ප්‍රතිලාභයක් නෑ. පාරිභෝගිකයා යනවා නම් යන්න කැමති f වගේ ලක්ෂ්‍යය වලටයි. මොකද more is better 😁.
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය

Comments
Post a Comment