ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

 


ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම..


🔴 ආදේශන ප්‍රතිවිපාකය.


පාරිභෝගිකයා සෑම විටම තම උපයෝගීතාවය එලෙසම තබාගෙන , වියදම් වැඩි භාණ්ඩ වෙනුවට වියදම් අඩු භාණ්ඩ පරිභෝජනය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයා පවත්නා උපේක්ෂා වක්‍රයේ වෙනත් ලක්ෂ්‍යයක කටයුතු කරයි.


  🔹 ඕනෑම භාණ්ඩ වර්ගයකම ආදේශන ප්‍රතිවිපාකය සහ මිල වෙනස අතර සෑම විටම පවතින්නේ ප්‍රතිලෝම හෙවත් ඝෘණ සබඳතාවයකි.


ඒ කියන්නෙ අදාල භාණ්ඩයේ මිල වැඩිවන විට ආදේශන ප්‍රතිවිපාකය හරහා ප්‍රමාණය වැඩි කරවනවා.


මිල අඩු වන විට ආදේශන ප්‍රතිවිපාකය හරහා ඒකක ප්‍රමාණය අඩු කරවනවා.


සරලයි 😁.



🔴 ආදායම් ප්‍රතිවිපාකය.


මෙය නිසා පාරිභෝගිකයාගේ උපයෝගීතාවය වෙනස් වෙයි. ඒ නිසා අලුත් උපෙක්ෂා වක්‍රයක් නිර්මාණය වනවා හෙවත් පවතින උපෙක්ෂා වක්‍රය දකුණට හෝ වමට විතැන් වනු ඇත.


🔹 ආදේශන ප්‍රතිවිපාකය මෙන් , සෑම විටම පොදුවේ කුමන සබඳතාවයක් මිල සමඟ දක්වනවාද යන්න අපට මෙහිදී කිව නොහැක. මක් නිසාද යත් මිල සමඟ ආදායම් ප්‍රතිවිපාකය දක්වන සබඳතාවය භාණ්ඩ වර්ගය අනුව වෙනස් වේ. 


එනම් ආදායම් නම්‍යතාවය අනුව එය වෙනස් වේ.ඇතැම් භාණ්ඩ වලට එය ඝෘන වද්දී ඇතැම් ඒවා සඳහා එය ධන හෝ ශූන්‍ය විය හැක.



🔴 සාමාන්‍ය භාණ්ඩයක මිල පහල ගිය විට මුලු ප්‍රතිවිපාකය ඇති වන අයුරු.

සමාන්‍ය භාණ්ඩයක මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක කියන දෙකම මිලට ප්‍රතිලෝම සබඳතාවයක් දක්වනවා.

ඒ අනුව මිල අඩු වූ නිසා, ආදේශන ප්‍රතිවිපාකය හා ආදායම් ප්‍රතිවිපාකය යන දෙකම ,සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරවලා තියෙනවා.

මේ ඊතල වල ප්‍රමාණය දිහාත් අනිවාර්යයෙන් බලන්න.

මෙතනදී ආදායම්, ආදේශන ප්‍රතිවිපාක යන දෙකේම ඊතල දෙකම එක වගේ. ඒ කියන්නෙ ආදේශන ප්‍රතිවිපාකයෙන් ඉල්ලුම 5 කින් වැඩි කරානම් , ආදායම් ප්‍රතිවිපාකයත් 5 කින් වගේ තමයි වැඩි කරවන්නෙ.






🔴සාමාන්‍ය භාණ්ඩයක මිල ඉහල ගිය විට ආදායම් හා අදේශන ප්‍රතිවිපාකය හෙවත් මුලු ප්‍රතිවිපාකය ඇතිවන අයුරු.

මේක ඉතිං කලින් පැහැදිලි කරපු මිල අඩු විමේ ප්‍රතිවිපාකයේම විලෝමය.
සරලයි 😁



මේක ඉතාම හොඳින් බලන්න. මේ තමයි බාල භාණ්ඩයක මුලු ප්‍රතිවිපාකය ඇති වන විදිය. අපි කලින් කතා කරපු සාමාන්‍ය භාණ්ඩ වල වගේ නෙවෙයි මෙතන වෙන්නෙ.



බාල භාණ්ඩ කියන්නෙ මොනවද කියන එක අවබෝධ කරගෙන මේ දිහා බලන්න.

අපි කිව්වා ඕනෑම භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකය මිල සමඟ ප්‍රතිලෝමයි. ඉතින් බාල භාණ්ඩයටත් එය පොදුයි. බලන්න මේ බාල භාණ්ඩයේ මිල අඩු වෙලා.  ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකය මඟින් ප්‍රමාණය වැඩි කරවලා තියෙනවා 10 ඉදන් 20 ටම.  හැබයි හොඳට මතක තියා ගන්න, බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය සාමාන්‍ය භාණ්ඩයක වගේ මිල සමඟ ප්‍රතිලෝම වෙන්නෙ නෑ. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය ධන අගයක් හෙවත් මිල සමඟ අනුලෝම සබඳතාවයක් දක්වනවා. ඒ නිසා 20 ට ගියපු මිල , ආදායම් ප්‍රතිවිපාකය මඟින් මිල අඩු වීමට අනුලෝමව 16 දක්වා අඩු කරවනවා. 

ඒ නිසා මුලු ප්‍රතිවිපාකය හෙවත් මුලු මිල වෙනස 6 ක්. මොකද ,

ආදේශන ප්‍රතිවිපාකය = + 10
ආදායම් ප්‍රතිවිපාකය   =  - 4

ඇයි බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය ධන වෙන්නෙ.

මෙහෙමයි , බාල භාණ්ඩයක් කියල කියන්නෙ ආදායම වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන . ආදායම අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරන භාණ්ඩ නේ. 

එහෙනම් දැන් මෙතන මොකද වුනේ . මිල අඩු වුනා නේද. එතකො⁣ට මොකද වුනේ මේ පාරිභෝගිකයගේ මූර්ත ආදායම වැඩි වුනා නේද. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ආදායම වැඩි වුනාම ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න ඕන. ඉතිං ආදායම් ප්‍රතිවිපාකය මඟින් ඉහත පරිදි ඉල්ලුම් ප්‍රමාණය අඩු කරවනු ලැබුවා.  

අනික් දේ තමා බලන්න උදාහරණයෙත් පෙන්වලා දීල තියෙනවා ආදේශන ප්‍රතිවිපාකයේ ඉලක්කමට වඩා ආදායම් ප්‍රතිවිපාකයේ ඉල්ක්කම පොඩියි. ඒක ඉතා වැදගත් point එකක්. ඒ විදියට බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකයේ තරම කුඩා බව මතක තබා ගන්න.





🔴මේ විදියට බාල භාණ්ඩයක මුලු ප්‍රතිවිපාකය වෙන විදිය පෙන්වන්න පුලුවන් . 

බලන්න ඊතල වල තරම . ඒක හොඳට මතක තියා ගන්න. බාල භාණ්ඩයක මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය කුඩායි. 

මිල වැඩි වුනාම ඉතින් වෙන්නෙ මේකෙ ප්‍රතිලෝමය.



🔴 ගිෆන් භාණ්ඩ 

සරලවම ගිෆන් භාණ්ඩ කියල කියන්නෙ අපි දන්න බාල භාණ්ඩම තමයි. ඒ කියන්නෙ මේවා බාල භාණ්ඩ ජාතියක්. හැබයි බාල භාණ්ඩ වලින් මේවා වෙනස් වෙනවා එක ලක්ෂණයක් නිසා. 

එසේ ගිෆන් භාණ්ඩ යනු,
මිල වැඩිවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන හා මිල අඩුවන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවන භාණ්ඩ වේ.

මේවා සම්පූර්ණයෙන්ම ඉල්ලුම් නීතියට පටහැනියි.

මේවා බාල භාණ්ඩ වුනත්. ගිෆන් නොවන බාල භාණ්ඩ මේ ව්දිය නෑ. බාල භාණ්ඩ විතරක් වන ඒවත් මිලත් එක්ක ප්‍රතිලෝම විදියටයි හැසිරෙන්නෙ. 

ඒසේ අපිට පුලුවන් ගිෆන් භාණ්ඩයක මිල වෙනස් වීමත් එක්ක දක්වන මුලු ප්‍රතිවිපාකය හෙවත් ආදායම් හා ආ⁣දේශන ප්‍රතිවිපාකය මේ විදියට දක්වන්න.


මේ ගිෆන් භාණ්ඩයේ මිල අඩු වී ඇත.

අපි මුලදීම කිව්වනේ මොන භාණ්ඩයක වුනත් ආදේශන ප්‍රතිවිපාකය මිලත් එක්ක ප්‍රතිලෝමයි කියල . ඉතින් මිල අඩුවූනිසා ගිෆන් භාණ්ඩයේ ප්‍රමාණය 13 සිට 18 දක්වා ආ⁣දේශන ප්‍රතිවිපාකය විසින් වැඩි කරලා. හැබයි අපි කිව්ව ඕනම බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය මිල සමඟ අනුලෝමයි කියල. ඒ නිසා බලන්න මෙතනදීත් මිල අඩු වීමත් එක්ක මේ භාණ්ඩයේ ඒකක ප්‍රමාණය ආදායම් ප්‍රතිවිපාකය මඟින් පහල දාලා.

හැබැයි පුතේ,
බාල භාණ්ඩ වලටත් හපන් විදියට මෙතන ප්‍රමාණය අඩු කරවලා තියෙනවා. ඒ කිව්වේ කලින් තිබ්බ සමතුලිතයත් පහු කරවලා ප්‍රමාණය අඩු වෙලා.

අන්න මේකයි සිද්ධිය. ගිෆන් බාල භාණ්ඩ ජාතියක් වුනත්, බාල භාණ්ඩ විතරක් වන භාණ්ඩ වලට වඩා ගිෆන් භාණ්ඩ වල ආදායම් ප්‍රතිවිපාකය විශාලයි. 

එම නිසා මුලු ප්‍රතිවිපාකය -4 යි.

ආදේශන ප්‍රතිවිපාකය -5 යි. 
ආදායම් ප්‍රතිවිපාකය  -9 යි.





🔴 ගිෆන් භාණ්ඩ වල මුලු ප්‍රතිවිපාකය හෙවත් මිල වෙනස් වීම මත ඉල්ලුම තීරණය වන අයුරු.


මේ උදාහරණය මිල අඩු වීමට අදාලව. වැඩී විම ඉතින් මේකෙ විලෝමය බව හිතන්න.

මෙතනත් හොඳට නිරීක්ෂණය කරන්න , ඊතල වල දිග..ඒක ඉතාම වැදගත් මේක තේරුම් ගන්න.



සරලවම,


🔹සෑම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩ වේ.

              නමුත්

🔹 සෑම බාල භාණ්ඩයක්ම , ගිෆන් භාණ්ඩ නොවේ.

හරියටම කිව්වොත් ගිෆන් භාණ්ඩ යනු, බාල භාණ්ඩ නැමැති කුලකයේ පවතින උපකුලකයක් විතරයි.


ඉහත සමස්තය සාරාංශ කරොත්.මේක උසස් පෙලදී හමුවනවා.


🔹 බාල භාණ්ඩ වල මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය කුඩාවේ.

                          නමුත්

🔹 ගිෆන් භාණ්ඩ වල මිලවෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ඝෘණ ආදායම් ප්‍රතිවිපාකය විශාල අගයක් ගන්නවා. 


😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

පාරිභෝගික සමතුලිතය

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2