මුලු උපයෝගීතාවය - Total Utility


 ඔන්න දැන් තමයි හරියටම වැඩේට සෙට් වෙන්නෙ. අපි දැන් කතා කරන්නෙ සංඛ්‍යාසූචක උපයෝගීතාවය . මෙතෙන්දී අපට මූලික සංකල්ප කීපයක්ම දකින්න ලැබෙනවා. ඒවා තමයි, 


1. මුලු උපයෝගීතාවය.

2.ආන්තික උපයෝගීතාවය.

3. හීනවන ආන්තික උපයෝගීතාවය.


සරලවම අපි කතා කරන මේ සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ පදනම වන්නේ මේ සංකල්ප 3යි. ඒක නිසා මෙම උපයෝගීතාවය අවබෝධ කරගැනීමට මෙම සංකල්ප වල අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍යයි.


1. " මුලු උපයෝගීතාවය" 


මුලු උපයෝගීතාවය කියන්නෙ පාරිභෝගිකයා යම් වේලාවක යම් භාණ්ඩයක් පාරිභෝජනය කරල ගන්න සමස්ත තෘප්තියේ තරමයි. එසේ එහීදී පාරිභෝගිකයා ලබන උපයෝගීතාවය කීයද කියල තනි ඉලක්කමකින් අර කියපු යුටිල වලින් ගත්තම අපි ඒකට කියනව මුලු උපයෝගීතාවය කියල. 


උදා-: 


🔴 නන්දසේන (🤣) බනිස් ගෙඩියකින් ලබාගත් උපයෝගීතාවය යුටිල 20 කි.


සමහරවිට පාන් ගෙඩියක් කෑවානම් ඉන් ලද උපයෝගීතාවය යුටිල 30.


එහෙම වුනානම් නන්දේ බනිස් වලට වඩා පාන් වලින් ලබන උපයෝගීතාවය වැඩියි කියල කියන්න පුලුවන්. මොකද 20 ට වඩා 30 ලොකුයි.😁👍


#Economics

#Econsinhala

#Utility

#EconwithASM

#theoryofconsumerbehaviour

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2