උපේක්ෂා වක්‍රය - Indifference Curve
*උපේක්ෂා වක්‍රය නිර්වචනය කරමු.*
"සලකා බලන කාලපරිච්ඡේදයක් තුල , යම් කිසි පාරිභෝගිකයෙකු පරිභෝජනය කරන භාණ්ඩ දෙකක් සම්බන්ධයෙන් , එකම තෘප්තියක් ලබා දෙන, විවිධ ඒකක වලින් සමන්විත භාණ්ඩ සංයෝජන ( bundles ) යා කරමින් අඳිනු ලබන රේඛාව වේ. "
පහත වගුව මෙය පැහැදිලි කරවයි. බලන්න ඒකක ප්‍රමාණය වෙනස් වෙයි. හැබැයි උපයෝගීතාවය , තෘප්තිය එකමයි. ( U1)
මේක ඇත්තනෙ. හිතන්න ප්‍රායෝගික උදාහරණයක්.
ඔයාගෙ අක්ක ඔයාව යවනවා කඩේට. එයා සල්ලි දීල කියනවා ,
මේ 100 න් පෑන් 4 යි , පැන්සල් දෙකයි , බයිට් පැකට් 2 යි , චොක්ලට් කෑලි 10 යි ගේනන කියල. එහෙම නැත්නම් පෑන් 3 යි ,පැන්සල් 3 යි , බයිට් පැකට් 1 යි , චොක්ලට් කෑලි 20 යි ගේන්න. කියනවා . ඒකෙ තේරුම මොකක්ද ? එකේ තේරුම තමයි. ඒ විකල්ප දෙකේ භාණ්ඩ සංයෝජනය හෙවත් ඒකක ප්‍රමාණය වෙනස් වුනාට අක්කට ඒ දෙකෙන්ම ලැබෙන උපයෝගීතාවය එකක් නිසා. අන්න ඒක තමයි උපේක්ෂා වක්‍රයේ පදනම. 😌
මින් පසු උපේක්ෂා වක්‍රයට කෙටියෙවන් IC යැයි කියනු ලැබේ. ( indifference curve නිසා )
පහත පරිදි වක්‍රය පෙන්වා දිය හැක.
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments
Post a Comment