අත්‍යවශ්‍ය භාණ්ඩ වල ICC වක්‍රය
අතවශ්‍යය භාණ්ඩ.
අතවශ්‍යය කියන එකේ තේරුම තමයි ජීවිතය පවත්වගෙන යාම සඳහා මූලිකවම අතවශ්‍යයි කියන දේ. හොඳම උදාහරණය තමයි ඉතින් ආහාර , ජලය. ඒනා නැත්නම් අපිට බෑනෙ ජීවත් වෙන්න. හැබැයි වක්‍රයක් බැලුවම පෙන් දේ තමයි. මේ අතවශ්‍යය භාණ්ඩ අපිට ජීවත් වෙන්න ඔනම කරන දේවල් තමයි. හැබැයි ඒව ඕන කියල ගොඩගහගන්, නැත්නම් ඕන ප්‍රමාණය ඉක්මවා ගන්න අපිට වුවමනාවක් නෑ. හිතන්න ගෙදරට මාසයකට කෑමට හාල් ඕන වෙන්නෙ 30kg නම් ඔයිට වඩා අමුතුවෙන් ගෙනත් තියාගන්න වුවමනාවක් නෑ නේද. ඔය තමයි කන උපරිමය. ගන්නවනම් ගන්න අවශ්‍ය ඔච්චරයි. ඔයිට වැඩිය ගෙනාවොත් අනිවාර්යයෙන් අපතයක් නෙ වෙන්නෙ.ඒක නිසා 30kg නවතිනවා. හැබැයි හිතන්න , ඔයාට ප්‍රමාණවත් ආදායමක් දැනට නෑ 30 kg ම ගේනන. මේ මසේ ආදායමෙන් 10 kg ගේනවා. නමුත් ඇත්තටම අවශය කරන ප්‍රමාණය නෙවේ. ඊලග මාසේ ඔයාට පඩි වැඩිවෙලා අන්න ඔයාට පුලුවන් වෙනවා ඒ මසෙට 20 kg ගේනන. ඊටත් පස්සෙ මසෙ තවත් පඩිය වැඩිවුන නිසා අන්න ඔයාට පුලුවන් වෙනවා 30 kg ගෙන්න. පසු මසෙ ආයෙමත් ඔයාට පඩි වැඩිවෙනවා. හැබැයි ඔයා හාල් 30 kg ට වඩා වැඩියෙන් ගේනවද . නෑ නේද. අන්න ඒක තමයි මෙතන වෙන්නෙ
" ආදායමේ එක් මට්ටමක් දක්වා පමණක් පරිභෝජනය වැඩිකරන මුත් , ඉන් පසු පරිභෝජ ප්‍රමාණය ආදායමෙන් ස්වායක්ත වන භාණ්ඩ අතවශ්‍යය භාණ්ඩ ලෙස දැක්විය හැක ".
මේ සබඳතාවය ICC වක්‍රයෙන් මනාම පැහැදිලි වේ.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment