ආදායම් සංරෝධකය - budget constraint


 හරි දැන් බලමු ඊලග කොටස.


මෙතෙන්දී අපි තවත් ඉතාම වැදගත් සංකල්පයක් වගේම වක්‍රයක් තමයි මුලින්ම අධ්‍යනය කරන්නෙ. මතක⁣නෙ මේ අපි කතා කරන්නෙ ක්‍රමසූචක උපයෝගීතාවය . මේ එකේ මූලික පදනම් ටික. දෙයක අවසාන ඵලය දකින්න නම් ඒකෙ මූලික පදනම් දකිනන් එපැයි. ඉතින් අපි මුල්ම පදනම දැම්මා අභිරුචිය හා උපේක්ෂා වක්‍රය ගැන කතා කරලා. දැන් තියෙන්නෙ දෙවන පියවර.

ඒ තමයි අයවැය රේඛාව හෙවත් අයවැය බාධකය (Budget constraint / Budget line එක ) නිර්මාණය කිරීම.  ඉදිරියේදී BC කියල කියන්නෙ මේ වක්‍රයට බව මතක තබා ගන්න. 


මොකක්ද මේ අයවැය රේඛාව ?


සරලවම මේකෙන් පෙන්නුම් කරන්නෙ පාරිභෝගිකයාට කල හැකි ,දැරිය හැකි උපරිමය පිලිබදව සීමාව. හිතන්න ඔයා දෙයක් ගන්න ගියාම ඔයාට එකෙ ප්‍රමාණය කීයක් වුනත් ගන්න හිනෙවා වෙන්න පුලුවන්. උදාහරණ විදියට කඩේ තියෙනවා රසම රසම රස චොක්ලට් වලින් පිරුණු අයිස්පලම් ගොඩක්. ඔයාට මේ ගොඩම ගෙදර අරන් යන්න තිබ්පනම් කැමැති නේද? හැබැයි කැමැත්ත තිබ්බ පලියට ඒක කරන්න බෑ. ඔයාට මූලිකවම හා අනිවාර්යයෙන්ම මූණ දෙන්න වෙනවා බාධවකට හෙවත් සීමාවකට. ඒ තමයි ඔයාගේ ආදායම හෙවත් ඔයා අතසතු මුදල. මොන කැමැත්ත මොන දේ තිබ්බත් වැඩක් නෑ. ඔයා ගාව සල්ලි නැත්නම්. 100 තියෙන පලම් ගොඩම ගන්න කැමැත්ත ,ආසාව තිබ්බට ඔයා ගාව තියෙන්න අයිස්පලම් දෙකකට පමණක් ප්‍රමාණවත් සල්ලි පමණයි. එහෙනම් අයිස්පලම් දෙකෙන් නවතින්න වෙනවා ඔයාට. අන්න ඒ විදියට යම් පාරිභෝගිකයෙකු යම් අවස්ථාවක මුහුණ දෙන පාරිභෝජනයේ උපරිම , දැරියහැකි සීමාව පෙන්වනවා මේ අයවැය රේඛාව හරහා.


හරිනෙ. අපි මේ සීමාව අමතක කරලා නිකංම පාරිභෝගිකයගේ කැමැත්ත විතරක් ගැන කතා කරා. දැන් ඔන්ල එනව⁣. කැමැත්තට අමතරව බලපාන පාරිභෝගික සමතුලිතය තීරණය වීමට බලපාන අනික් මූලික සාධකය වුන ආදායම නැමැති සාධකය. 


හරියට බැලුවොත් අපි මේ ආකාරයටමයි සංඛ්‍යාසූචක උපයෝගීතාවයත් කතා කරේ නේද?..


එහෙනම් අපි මේක කතා කරන්නෙත් භාණ්ඩ වර්ග දෙකක්  පමණක් පරිභෝජනය කරනවා කියල හිතල . එනම් , අදාල පාරිභෝගිකයා අදාල කාලසීමාව තුල භාණ්ඩ වර්ග දෙකක් පමණක් පරිභෝජනය කරනවා. ඒ වගේම ඒ දෙක සඳහා තමන්ගේ මුලු ආදායමම යොදනවා කියලත් හිතන්න. 


ඒ අනුව, 


I (ආදායම) = [  (Px.Qx) + ( Py.Qy)  ]


X = x නමැති භාණ්ඩය.

Y = y නැමැති භාණ්ඩය.


😊☺️😄

#EconwithASM

#Economics

#conusumerbehaviourtheory

#Utility

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

#Ordinalutilitytheory

#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක