ආදායම් සංරෝධකය වෙනස් වීම
BC වක්‍රය දැනට පවතින තත්වයෙන් වෙනස් වෙන්න පුලුවන. ඒකට හේතු පවතිනවා. හරියට නිකං ඉල්ලුම් වක්‍රය වෙනස් වෙනවා වගේ.
ඒ අනුව මෙයට මූලික හේතු 2 කි.
🔴 1. සලකා බලන කාලපරිච්ඡේදය තුල ආනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී, ආදායම පමණක් වෙනස් වීම.
මේ කාරණය නිසා පෙර පැවැති BC වක්‍රයට සමාන්තරව දකුණට හෝ වමට නව වක්‍රය විතැන් වීමක් වෙනවා.
ආදායම වැඩි වූ විට දකුණට විතැන් වේ. හේතුව නම් ආදායම වැඩි වූ විට පෙර පැවැති සෑම ලක්ෂ්‍යයකටම වඩා නව වක්‍රයේ ලක්ෂ්‍යය වල පරිභෝජනය කල හැකි ඒකක ප්‍රමාණය වැඩි වීම.
ආදායම අඩු වූ විට වමට විතැන් වේ. හේතුව නම් ආදායම අඩු වූ විට පෙර පැවැති සෑම ලක්ෂ්‍යයකටම වඩා නව වක්‍රයේ ලක්ෂ්‍යය වල පරිභෝජනය කල හැකි ඒකක ප්‍රමාණය අඩු වීමයි.
මේ විදියට ආදායම වෙනස් වුනාම ඒක භාණ්ඩ වර්ග දෙකේම අක්ෂ වලට බලපාන නිසාම මේ විදියට වක්‍රය සම්පූර්ණයෙන් විතැන් වෙනවා.
එසේ ආදායම වැඩිවීම පහත පරිදි පෙන්වා දී ඇත.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය
🔴 2. සලකා බලන කාලපරිච්ඡේදය තුල ආනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී, භාණ්ඩ වල මිල ගණන් වෙනස් වීම.
මිල වෙනස් වන භාණ්ඩය පිහිටි අක්ෂයට පමණක් බලපාන නිසා ඒ අක්ෂයෙන් වක්‍රය භ්‍රමණය වීමක් වනවා අපිට දකින්න පුලුවන්. ඒ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුනොත් දකුණටත් , වැඩිවුනොත් වමට ත් භ්‍රමණය වෙනවා.
මොකද භාණ්ඩයේ මිල අඩු වුනොත්.පෙරට වඩා වැඩියෙනුත්, මිල වැඩි වුනොත් පෙරට වඩා අඩුවෙනුත් පරිභෝජනය කරන්න සිද්ධ වෙන නිසා.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය



Comments
Post a Comment