උපේක්ෂා වක්‍රයේ හැඩය
උපේක්ෂා වක්‍රය මූලයට උත්තල විය යුතුමද ??
නැත.
අපි දන්නවා. අපි දක්වපු හැම උදාහරණකම පාහේ ගත්තේ මූලයට උත්තල වුනු IC වක්‍රයක්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ. ඒක හැමවිටම එහෙමයි කියන එක. නමුත් බොහෝ දුරට ඒක එහෙමයි.
හේතුව තමයි, මේ භාණ්ඩ වර්ග දෙක පූර්ණ ආදේශක නොවීම. ඒ කියන්නෙ කැප කරන ප්‍රමාණය, වැඩි වන ප්‍රමාණයට හරියටම සමාන නෑ කියන එක.
උදාහරණ විදියට ,
පූර්ණ ආදේශක වුනා නම් X 5කින් වැඩි වෙද්දී Yත් 5 කින් කැප වෙන්න ඕන .නමුත් ගොඩක් වෙලාවට ඕක අසමාන එකක්. ඒ කියන්නෙ එකට එකක් ආදේශ වෙන්නෙ නෑ හෙවත් පූර්ණ ආදේශක නොවීම. උදාහරණ විදියට X 5 ක් වැඩි කරන්න , Y 8 ක් කැප කිරීම.
සරලව ඔයාට එක් භාණ්ඩ වර්ගයකින් ඔනවටවත් වඩා වැඩිපුර තියෙනවා නම් ඔයා ඒකෙන් ගොඩක් කැප කරල හරි ඔයාට අඩු භාණ්ඩ වර්ගය ඒ හරහා වැඩි කරගන්න උත්සහ කරනවා කියන එකයි.
ඒ අනුව මූලයට උත්තල විතරක් නෙවේ . පහත පරිදි වෙනස් හැඩයන්ගෙන් යුත් උපේක්ෂා වක්‍රත් අපිට දකින්න පුලුවන්. ඒක තීරණය වන්නේ භාණ්ඩ වර්ග දෙකේ පවත්නා සබඳතාවයේ ස්වභාවය අනුවයි.
🔴 1. භාණ්ඩ පූර්ණ ආදේශක වන විට.
මෙන්න මේ වගේ භාණ්ඩ වල සබඳතාවය අනුව ඒවා එකට එකක් සමානව ආදේශ වෙනවා. ඒ කියන්නෙ මේ විදියට සෑම විටම බෑවුම එක සමාන අගයක් ගන්නා ඝෘජු රේඛාවක් වමේ සිට දකුණට පහලට බෑවුම් වනවා දකින්න පුලුවන්. සරල තේරුම තමයි එක් භාණ්ඩයක් එක් ඒකකයකින් වැඩි කරන්න අනෙක් භාණ්ඩයෙන් එක් ඒකකයක් තමයි සමානව කැප කරන්න ඕන. හේතුව තමයි මේ භාණ්ඩ දෙක පූර්ණ ආදේශක ඒවා වීම.
🔴2. පූර්ණ අනුපූරක භාණ්ඩ වන විට.
අනුපූරක භාණ්ඩ කියන්නෙ , භාණ්ඩ වර්ග දෙක එකවර ඝෘජු සබඳතාවක් අනුලෝමව දක්වන අවස්ථාවක්. ඒ කියන්නෙ එක්කට එකක් නැතුව බෑ කියන එක.
උදාහරණ -: කිරියි , පැනියි - පැනි නැතුව කෝමද කිරි කන්නෙ.
පෑනයි ,පොතයි - පෑන නැතුව පොත වැඩකුත් නෑ. පොත් නැතුව පෑන් වැඩකුත් නෑ. ඒ හින්දා පොතක් ගන්නවනම් පෑනකුත් ගන්න ඕන .
ඒ විදියට අපි උපේක්ෂා වක්‍රය ගොඬනගන්නෙ අනූපූරක භාණ්ඩ සම්බන්ධයෙන්නම්, වක්‍රය මෙන්න මේ වගේ අංශක අනූවට බිඳුණු එකක් විදියට දකින්න පුලුවන්.
ඒ විදියට උපේක්ෂා වක්‍රයේ ලක්ෂණත් රකිමින් , මේ අනූපූරක සබඳතාවයත් මනාව මේ වක්‍රයන් පෙන්වනවා.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments
Post a Comment