ක්‍රමසූචක උපයෝගීතාවය හැඳින්වීම
හොඳයි මේක තමයි පාරිභෝගික හැසිරීම් න්‍යාය තුල දෙවන පරිච්ඡේදය. ඉතිං අපි කිව්ව උපයෝගීතාවය අධ්‍යනය කරන්නෙ කොටස් දෙකක් හරහා බව. අංක එක සංඛ්‍යාසූචක උපයෝගීතාවය. නමුත් එය දුර්වලතා ඇසුරින් එහි අවාසි පැහැදිලි කරා. අන්න ඒකට විකල්පය තමයි ක්‍රමසූචක උපයෝගීතාවය. ඒ අනුව ක්‍රමසූචක උපයෝගීතාවය වෙනස් සංකල්ප සමූහයක් මත පදනම් වෙනවා.
එහිදී මෙයට අදාලවන මූලිකම සංකල්පයක් තමයි අපි ප්‍රථමයෙන්ම අධ්‍යනය කරන්නෙ. ඒක තමයි "උපේක්ෂා වක්‍රය ( indifference curve )" . ඉතින් ඉස්සරහට අපි මේ උපේක්ෂා වක්‍රයත් එක්ක සෑහෙන්න ගනුදෙනු කරනවා.
ඉතින් මොකක්ද මේ ක්‍රමසූචක උපයෝගීතාවය කියල කියන්නෙ ??
මේ ක්‍රමසූචක උපයෝගීතාවය , අපි කලින් කතා කරපු සංඛ්‍යාසූචක උපයෝගීතාවය වගේ නම් නෙවේ. ඊට වඩා තාර්කිකයි කියන එකයි මගේ හැඟීම. ඒ අනුව මේ ක්‍රමසූචක උපයෝගීතාවය සිද්ධාන්ත දෙකක් මත පදනම් වෙනවා.
🔴 පාරිභෝගිකයාට තම උපයෝගීතාවය නිශ්චිත ඉලක්කමකින් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කල නොහැකියි.
- අන්න දැක්කද ? මේක සංඛ්‍යාසූචක උපයෝගීතාවයට එකඟ වෙන්නෙ නෑ. මොකද ඒක වගේ යුටිල වැනි මිම්මක් පාවිච්චි කරල උපයෝගීතාවය මනින්න පුලුවන් කියල මෙතන කියන්නෙ නෑ.
🔴 ඒ වෙනුවට පාරිභෝගිකයාට තම උපයෝගීතාවය පෙන්වීම , භාණ්ඩ හෝ භාණ්ඩ කූඩ හෙවත් බාස්කට් තම අභිරුචිය අනුව පෙල ගැස්වීම හරහා හැකි බව.
මෙතන කියන්නෙ මේකයි. කලින් කතා කරපු සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ උනේ , ඒවා යුටිල වලින් මැනල ඒ අනුව උපයෝගීතාවය වැඩි කොතනද, අඩු කොතැනද කියල අදුනගත්ත එකයි. හැබැයි මෙයා කෙලින්ම කියනවා එහෙම මිම්මක් නෑ. එහෙම උපයෝගීතාවය මනින්නත් බෑ කියල. එහෙනම් කෝමද අපි උපයෝගීතාවය වැඩි, අඩු කොතැනද කියල පෙන්වා දෙන්නෙ.
ඒකට තමයි අපි අනුපිලිවෙලට පෙල ගැස්වීම හෙවත් Rank කිරිම මෙහිදී යොදාගන්නෙ.
නිදසුනක් විදියට : කමල්ට ඔයා දෙනවා බයිට් පැකට් එකක්, චොක්ලට් එකක්, බිස්කට් පැකට් එකක්. ඔයා මේ තුනම සමන්ට ත් දෙනවා. ඊට පස්සෙ ඔයා කියනවා . කැමැත්ත අනුපිළිවෙලට මේවා පෙලගස්වන්න හෙවත් rank කරන්න කියල.
ඒ විදියට කමල් ගේ වැඩිම සිට අඩුම දක්වා අනුපිළිවෙල පහත පරිදි වේ.
1. කඩල පැකැට්ටුව.
2. චොක්ලට් එක.
3. බිස්කට් එක.
සමන් ගේ කැමැත්ත අනුපිළිවෙල.
1. චොක්ලට් එක.
2. බිස්කට් එක.
3. කඩල පැකැට්ටුව.
මේකෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? දෙන්නගේ උපයෝගීතාවය නේද? මේකට අනුව කමල් ට වැඩිම උපයෝගීතාවය ලැබෙන්නෙ කඩල පැකැට්ටුවෙන් ඊට වඩා අඩු උපයෝගීතාවයක් චොක්ලට් හා බිස්කට් වලින් ලැබෙන බව දැන් අපි දන්නවා. ඉතින් කමල් එයාගේ උපයෝගීතාවය මෙතනදී පෙන්නුවේ යුටිල වලින් මැනල එක දෙක තුන විදියට ඉලක්කම් දාලද. කොටින්ම කිව්වොත් ඉලක්කමක් ගැවුනාද ? නෑ නේද ??
සමන් ට වැඩිම උපයෝගීතාවය ලැබෙන්නෙ චොක්ලට් වලින්. බිස්කට් හා කඩල වලින් ලැබෙන්නෙ ඊට වඩා අඩු උපයෝගීතාවයක් බව පේනවා. ඉතින් එයත් එයගේ උපයෝගීතාවය පෙන්නුවේ rank කරල. කිසිම ඉලක්කම් යොදාගැනීමක් නැතිවම. ඉතින් මේක තමයි. ක්‍රමසූචක උපයෝගීතාවය . කවදාවත් ඉලක්කම් වලින් මැනල උපයෝගීතාවය පෙන්වන්න බෑ. හැබැයි මේ විදියට එක දෙක තුන ලෙස පෙලගැස්වීම හරහා අපට පුලුවන් උපයෝගීතාවය පෙන්වා දෙන්න.
🔹පාරිභෝගික අභිරුචිය ( preference ) යනු කුමක් ද? 🔹
(මෙහිදී උපයෝගීතාවය සඳහා බලපාන අනෙකුත් කරුණු සියල්ල නොවෙනස්ව පවතින බව උපකල්පන කරන්න. )
පාරිභෝගිකයා තම මුදල් වැඩියෙන් යොදවන්නේ, වැඩිම සතුටක් ගෙන දෙන දෙයට වන අතර අඩු සතුටක් ගෙන දෙන දේවල් සඳහා අඩුවෙන් මුදල් වියදම් කරයි. එසේ වැඩි සතුටක් ලබා දෙන දේවල් සඳහා වැඩි කැමැත්තක් හෙවත් අභිරුචියකුත්. අඩු සතුටක් ලබා දෙන දේවල් සඳහා අඩු කැමැත්තකුත් දක්වයි. එලෙස ලබා දෙන සතුට/තෘප්තිය විසින් අභිරුචිය තීරණය වේ.
උදාහරණ -:
🔴 ඔබ බනිස් වලට වඩා අයිස් වලට කැමතී.
🔴 හේතුව වන්නේ ඔබට අයිස් වලින් බනිස් වලට වඩා වැඩි සතුටක් ලැබීමයි.
🔴 ප්‍රතිඵලය වන්නේ , ඔබ බනිස් වලට වඩා අයිස් වලට වියදම් කිරීමයි.
එසේම , මෙම කැමැත්තවල් හෙවත් අභිරුචියන් එකෙකුගෙන් තවකෙකුට වෙනස් වේ.
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය

Comments
Post a Comment