තනි භාණ්ඩයකට අදාලව පාරිභෝගික සමතුලිතය
පාරිභෝගික සමතුලිතය /
ප්‍රශස්ත පාරිභෝජන මට්ටම /
පාරිභෝගික ප්‍රශස්තය .
මේක ඉතාම වැදගත් point එකක් විදියට අපි සැලකිය යුතුමයි.
මේක කොහොමත් ආර්ථික විද්‍යාවේ මූලිකම කාරණාවක් වගේම හැම තැනකදීම වගේ අපිට හමුවන දෙයක්. ඒ තමයි සමතුලිතය හොයනව කියන එක. අ.පො.ස උසස් පෙළදී ඉල්ලුම් , සැපයම් සමතුලිතයෙන් පටන් අරන් පිරිවැය පාඩම් ආදීයේ මෙන්ම ඉදිරියේදී හමුවන හැම ආර්ථික විද්‍යා සංකල්පයකදීම අපිට එනතනට අදාල සමතුලිතය හොයන්න වෙනවා. අන්න ඒ වගේ මෙතනදීත් මෙයට අදාලව සමතුලිතයක් තියෙනවා.
සරලව මේ සමතුලිතය කියන දෙයින් අදහස් කරන්නෙ මොකක්ද කියල බැලුවොත්, එකෙන් අදහස් වෙන්නෙ අනිවාර්යයෙන්ම හොඳම point එක , එහෙම නැත්නම් ගැටලු අඩුම point එක කියල නිකන්ම කියන්න පුලුවන්. නිකං හිතන්න ඔයා යනවා පුස්තකාලයකට, කට්ටිය පිරිල, ඔයාට ඉදගන්න පුලුවන් තැන් 3ක් තියෙනවා. එක් තැනක Fan එක වැඩ නෑ. තව තැනක fan එක වැඩ හැබැයි එතන ඉන්න අය හොඳ නෑ. අන්තිම තැන fan එකත් වැඩ , පාඩුවෙ ඉන්නත් පුලුවන්. ඔයා ඉදගන්නෙ තුන්වැනි තැන. අන්න ඒ වගේ තමයි , මේ සමතුලිතයත් අර පුටු 3 න වගේ ලක්ෂයයන් ඕන තරමක් දකින්න පුලවන් , නමුත් ඔයාට හොඳම පුටුව නැත්නම් ප්‍රශස්තම පුටුව වුනේ 3 න් වැනි පුටුව. අන්න ඒ වගේ අවස්ථාවේ හැටියටම හොඳම point එක තමයි අනිවාර්යයෙන්ම සමතුලිත ලක්ෂ්‍යයක් කියල අදහස් වෙන්නෙ.
ඉතින් මෙතනදී ප්‍රශස්ත පාරිභෝජන මට්ටම කියල අදහස් වෙන්නෙ ,
🔴 " පාරිභෝගිකයා විසින් යම් කිසි භාණ්ඩයක් පාරිභෝජනය කිරීමෙන් ලබන තෘප්තිය උපරිම වන ලක්ෂ්‍යය ( ඒකක ප්‍රමාණය ) වේ "
ආර්ථික විද්‍යානුකූලව ඒ ලක්ෂ්‍යය හඳුනාගන්න ලක්ෂණයක් තියෙනවා.
ඒ තමයි. එම සලකා බලන භාණ්ඩයේ ආන්තික උපයෝගීතාවය , එහි මිලට සමාන වන ඒකක ප්‍රමාණය.
MU = P
•°• MU/P =1
ඉතින් අපි මුලටම ගියොත් , අපි කිව්ව පාරිභෝගිකයාට විවිධ භාණ්ඩ පරිභෝජනය කරන්න පුලුවන්කමක් තියෙනවා . එතෙන්දී එයා විසින් වැඩිම උපයෝගීතාවය තියන දේ පාරිභෝජනයට තෝරාගන්නවා.
මුල් උදාහරණ ගත්තොත් ,
චොක්ලට් , බයිට් පැකට් එක , ජෙලි එක ,
ඔයා තෝරාගත්තේ චොක්ලට්.හේතුව වැඩිම උපයෝගීතාවය ලැබෙන්නෙ චොකලට් වලින්.
ඊලඟට මෙහෙම හිතන්න ඕන. මං මේකම තමයි තැනකදී බත් පිඟන් කතාවෙන් කිව්වෙ. නමුත් චොක්ලට් වලින් හිතුවොත් ඔයා හිතන්න, ඔයාගේ චොක්ලට් පාරිභෝජනය 1, 2 , 3 , 4 , 5 ,6 ලෙස වැඩිකරා කියල. මෙන්න මෙනෙන්දීත් පාරිභෝගිකයා විසින් අර කලින් තෝරාගැනීමක් කලා වගේම තෝරාගැනීමක් කරනවා. හේතුව තමයි පාරිභෝගිකයා පරිභෝජනය කරන්නේ තමන්ට වැඩිම උපයෝගීතාවයක් තියෙන ඒකක මට්ටම. හිතන්න ඔයා එක චොක්ලට් එකක් කනවා. නමුත් ඔයාට 1 ක් මදී. ඔයා තව එකක් කනවා. ඒත් මදියි කියල දැනෙනවා. 3 කනවා. ඒත් මදි . හැබැයි 4, 5 හෝ 6ක් ගන්න ඔයාට සල්ලි මදි. එහෙනම් මොකද කරන්නෙ. ඔයා 1, 2 ක් නෙවේ. ඔයාට කන්න පුලුවන් උපරිම මට්ටම වුණු 3 තමයි ඔයාට උපරිම තෘප්තිය ගෙන එන මට්ටම , අවස්ථාවේ හැටියට. අන්න ඕක තමයි සරලව ඉලක්කම් වලින් මෙතෙන්දී අපි ආර්ථික විද්‍යානුකූලව ගණනය කරන්නෙ ප්‍රශස්ත පාරිභෝජන මට්ටම කියල.
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment