පාරිභෝගික සමතුලිතය ගණිතමය ප්‍රවේශය

 

🔴 ප්‍රශස්ත පාරිභෝජන මට්ටම සඳහා වන ගණිතමය ප්‍රවේශය.

මෙහීදි මුලු උපයෝගීතා වක්‍රය කියන්නෙ මොකක්ද? 
මුලු උපයෝගීතා වක්‍රය කියන්නේ ශ්‍රිතයක් ( a function ). ශ්‍රිතයක් ගත්තම එහීදි පෙන්වන්නේ , ස්වායක්ත විචල්‍යයකුත් , ඒ මත හැසිරෙන පරායක්ත විචල්‍යකුත් අතර සබඳතාවය හදුනාගෙන , ගොඩනගාගත් ඊට අනන්‍ය සමීකරණයක්. ඔබ ඉල්ලුම, සැපයුම ඉගෙන ගෙන ඇතියි කියා සිතමි. ඉතින් ඒවා වගේ , විචල්‍ය දෙකක සබඳතාවය අපි මෙතෙන්දී දකිනවා. 
අපි ඉල්ලුම නිකමට ගත්තොත් මිල වැඩි වන විට ඉ.ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වන විට ඉ.ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය දගලන්නෙ මිලට ඕන විදියට. ඉතින් අපි ඒ අනුව මිල ස්වායක්ත විචල්‍ය ලෙසත් ප්‍රමාණය පරායක්ත විචල්‍ය ලෙසත් දැකල එතන ශ්‍රිතයක් ගොඩනගනවා. ඒ විදියටම මුලු උපයෝගීතාවය තුල , මුලු උපයෝගීතාවය කියන ඉලක්කම වැඩි වෙලා අඩුවෙලා වෙනස් වුනේ , කාට ඕන විදියටද ? සරලවම ඒකක ප්‍රමාණයට ඕන විදියට නේද. එහෙනම් මෙහි , ඒකක ප්‍රමාණය ස්වායක්ත විචල්‍යයත් , මුලු උපයෝගීතාවය පරායක්ත විචල්‍ය විදියටත් දකින්න පුලුවන්.  අපි මේ සබඳතාවය කියද් දි කියන්න ඕන , පරායක්ත විචල්‍යය යන ශ්‍රිතය , ස්වායක්ත විචල්‍යයේ ශ්‍රිතයක් කියල. මොකද , පරායක්ත විචල්‍ය හැසිරෙන්නේ ස්වායක්ත විචල්‍යයේ පදයට 😅. ඉතින් මෙතනදී , මුලු උපයෝගීතාවය යනු, පාරිභෝගිකයා පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ ශ්‍රිතයකි. 

            🔴 U = f (Q)

🔹 U = මුලු උපයෝගීතාවය.
🔹 f  = ශ්‍රිතයක් බව සංකේතවත් කරයි.
🔹 Q = ඒකක ප්‍රමාණය.

#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2