මුලු උපයෝගීතා වක්‍රය
මේ විදියට මුලු උපයෝගීතා වක්‍රය මුලදී ක්‍රමයෙන් ඉහලට ගියත් එය උපරිම ස්ථානයකට ලඟා වෙලා පසුව ක්‍රමයෙන් පහලට බෑවුම් වන හැටි දකින්න පුලුවන්. ඇත්තටම ආර්ථික විද්‍යාවේ මෙවැනි වක්‍ර සෑහෙන්න ප්‍රමාණයක් දකින්න පුලුවන් වගේම ,ඒ හැම වක්‍රයකටම අනන්‍ය හැඩයක් පවතිනවා. ඒ විදියට පවතින ඒ හැඩයන්ට අනිවාර්ය හේතූන් පවතිනවා. ඒසේ මෙන්න මේ කතා කරන මුලු සහ ආන්තික වක්‍ර දෙකටමත් එහි හැඩයට හේතුවක් පවතිනවා.
අපි මෙහෙම හිතමු.
ඔයා හිතන්න ඔයා දැන් බත් කනවා කියල. ඔයා හිටියෙ හොඳටම බඩගින්නේ. ඔයා පලවැනි බත් පිඟාන කනවා. බඩගින්න නිසා ඒ වෙලාවෙ ඒක නිකං නිධානයක් වගේ මුල් පිඟාන නිසා ඒකෙන් ලද තෘප්තිය මාරම ඉහලයි. හැබැයි තාම 100% බඩ පිරිල නෑ. ඔයා තව පිඟන් බාගයක් බත් අරන් කනවා. හැබැයි ඔයත් මාත් අත්දැකීමෙන් දන්නවා, පලවෙනි පිඟාන කනකොට වගේ නෙවෙයි දෙවැනි පිඟාන කනකොට. එකම බත් පිඟානෙ තෘප්තිය ,රසය ටිකක් හීන වෙලා වගේ දැනෙනවා. හොඳයි 2ත් කාලා , 3න්වෙනි පිඟානකුත් කනවා කියල හිතන්න. අනිවාර්යයෙන් ඒකෙන් ලබන තෘප්තිය මාරම අඩුයි. සමහරවිට කන්නත් බැරිව අයින් කරන්න වෙයි. දැන් මොකද වුනේ. අන්න ඒක තමයි මේ මුලු උපයෝගීතා වක්‍රයෙන් පේන්නෙ. මුලදී උපයෝගීතාවයක් (තෘප්තියක්) තිබ්බත් ප්‍රමාණය වැඩිවෙත්ම ඒකෙන් ලද තෘප්තිය ටික ටික අඩුවෙනවා. හරි සරලයි..
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment