සංඛ්‍යාසූචක උපයෝගීතාවය හරහා ඉල්ලුම් වක්‍රය නිර්මාණය


 මේ වනවිට අපි පාරිභෝගික හැසිරීම් න්‍යායෙන් යම් කොටසක් ඉවර කරල තියෙනවා. හැබැයි අපි තාම ඉන්නෙ සංඛ්‍යාසූචක උපයෝගීතාවය තුලමයි. ඉතින් අපි එහි දෙවන පරි⁣ච්ජේදය මේ විදියට අධ්‍යනය කරමු.


එහිදී අපි මුලින්ම සලකා බලන කාරණය තමයි , කොහොමද සංඛ්‍යාසූචක උපයෝගීතාවය හරහා තනි පුද්ගලයෙකුට අදාල ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරගන්නෙ කියන දේ. 

මෙහිදී අපි දැනටමත් දන්නවා , සංඛ්‍යාසූචක උපයෝගීතාවය අනුව පාරිභෝගිකයා කටයුතු කරන්නේ ,එයාගේ සමතුලිතය මත විතරයි . සමතුලිතය කියල කිව්වෙ ආන්තික උපයෝගීතාවය එහි මිලට සමාන වන ලක්ෂ්‍යය සහ තමා සතු මුදල භාණ්ඩ වල වටිනාකමට සමාන වන ලක්ෂ්‍යය වේ. ඉතින් එහෙම වන ලක්ෂ්‍යයන් අනිවාර්යයෙන්ම භාණ්ඩයේ මිල වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනව නේද ? 


මිල අද එක තැනක ඉදල හෙට තව තැනකට ගියාම අද තියෙන සමතුලිතය හෙට වෙද්දී නෑ. පහත වගුව හරහා මෙය පැහැදිලිව පෙන්වා ඇත.

බලන්න මේකෙ පලමු අවස්ථාවේ මිල රුපියල් 400 යි. ඉතින් MU ගේ හැසිරීම අනුව MU, 400 වෙලා තියෙන්නෙ ඒකක 3 දී. ඒ අනුව සමතුලිත ඒකක ප්‍රමාණය වන්නෙ 3. 

නමුත් පසුව මිල 200 දක්වා අඩු වෙනවා. එහෙනම් දැන් ඒකක 3 ක් පරිභෝජනය කලහොත් එතන සමතුලිතයක් නෑ. මොකද දැන් එක්ක 3 දී, MU = P වෙන්නෙ නෑ. එහෙනම් පාරිභෝගික සමතුලිතය වෙනස් වෙන්න ඕන MU = P වන ලෙස. ඉතින් දැන් මොකද වෙන්නෙ, දැන් මිල ⁣වූ 200 ට  සමාන MU හෙවත් MU = 200 වන්නේ ඒකක 4 දී. සරලවම දැන් MU = P වෙන්නේ , ඒකක 4 දී. එනම් නම සමතුලිතය ඒකක 4යි. කලින් ඒකක 3 දී පාරිභෝගික උපයෝගීතාවය උපරිම වුනාට. දැන් උපරිම වෙන්නෙ ඒකක 4 දී. මෙන්න මේ සිද්ධිය හරියාකාරව අධ්‍යනය කලාම අපිට පේනව ලස්සන හැසිරීමක්. බලන්න වගුවේ ඒකක ගනන 1, 2 ,3 .. ලෙස වැඩිකරගෙන යනවා. අපි දන්නවා දැනටමත් ආන්තික උපයෝගීතාවය කියන දේ ප්‍රමාණය වැඩිවෙත්ම පහල යනවා කියන එක. ඉතින් ඒකත් මෙතෙන්දී දකින්න පුලුවන් , 800 , 600 ... ලෙස පහල යන අයුරු. 


මෙහිදී  සමතුලිත දෙකක් අපි කතා කරානේ. 

🔴 අංක 01 සමතුලිතය :

                      MU = 400

                      P     = 400

                      Q     = 3


🔴 අංක 02 සමතුලිතය :

                      MU  = 200

                      P      = 200

                      Q      = 4


හොඳට බලන්න මිල අඩු වෙනව කියන්නෙ , සමතුලිතය ඇති වීමට නම්, මිලට ගැලපෙන්න ආන්තික උපයෝගීතාවයත් අඩු වෙන් ඕන. ආන්තික උපයෝගීතාවය අඩු වෙනවා කියන එකේ තේරුම තමයි ප්‍රමාණය අඩු වෙලා කියන එක. ඒ කියන්නේ සරලවම මිල අඩු වන විට ප්‍රමාණය අඩු වෙලා කියන එක⁣ නේද ?


මේකෙ විලෝමය ගැන හිතන්න. අපි මිල වැඩි කරි කියල හිතන්න. මිල වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම , නව සමතුලිතයක් ඇති වෙන්න නම්, ආන්තික උපයෝගීතාවයත් ඒ අයුරින්ම වැඩි වෙන්න ඕන. ආන්තික උපයෝගීතාවය වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒකක ප්‍රමාණය අඩු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ මිල වැ⁣ඩි වෙනකොට ප්‍රමාණය අඩු වෙලා නේද?? 


එහෙනම් සිද්ධිය සරලයි. යම් කිසි පාරිභෝජන භාණ්ඩයක මිල අඩු වන විට ප්‍රමාණය වැඩි වේ. මිල වැඩි වන විට ප්‍රමාණය අඩු වේ. එනම් ඉල්ලුම් නීතිය මෙහිදී මේ අයුරින් ගම්‍ය වෙනව⁣. ඒක වගුවෙනුත් , ප්‍රස්තාර වලිනුත් හරි පැහැදිලි අපිට පෙන්නලා දෙන්න පුලුවන්. ඒ විදියට ඒ සම්බන්ධතාවය වමේ සිට දකුණට පහලට බෑවුම් වන වක්‍රයකින් පෙන්වන්න පුලුවන්. ඒ කියන්නේ ඒ විදියට සරලවම අපිට ඉල්ලුම් වක්‍රය පදනමක් සහිතව නිර්මාණය කරගන්න පුලුවන්. 


😁👍

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක