උපේක්ෂා වක්‍රයේ ගුණාංග

 

කලින් අපි කතා කරපු අභිරුචියට වගේම මේ IC වක්‍රයටත් අංග ලක්ෂණ / ගුණාංග ( Properties ) 4ක් පවතිනවා. මේ 4ම පදනම් වෙන්නෙ අර අභිරුචියට අදාල අංග එක්කම බව හොඳට මතක තියා ගන්න. මොකද අපි IC වක්‍රය නිර්මාණය කරන්නෙත් අභිරුචිය කියන දේ හරහාම නිසා. 


🔴 1. මූල ලක්ෂ්‍යයට ආසන්න උපේක්ෂා වක්‍ර මත කටයුතු කරනවාට වඩා මූල ලක්ෂ්‍යයට වඩාත් ඈතින් පිහිටි උපේක්ෂා වක්‍ර මත පිහිටි ලක්ෂ්‍යය  වල පරිභෝජනය කිරීමට පාරිභෝගිකයා කැමැති බව. ( හේතුව more is better -: ඒ කියන්නෙ මූල ලක්ෂ්‍යයෙන් ඈත් වෙන්න වෙන්න පවතින IC වලින් ලබන උපයෝගීතාවය වැඩියි. මොකද ඒකක ප්‍රමාණය වැඩි වෙනවා එහෙම වුනොත්. ඒකට පාරිභෝගිකයා කැමති. )



🔴 2. උපේක්ෂා වක්‍ර කිසිදු විටක ⁣එකිනෙකට ජේදනය නොවේ. 



කොතන හරි එහෙම වෙලා තියනවා දැක්කොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි.  හේතුව තමයි, එහෙම වුනොත් more is better හා rationality කියන අංගය බිදෙන නිසා.


මෙහි අමුණා ඇති අදාල පින්තූරය බලන්න.  


පලමු පින්තූරය පලමු අංගය පැහැදිලි කරනවා.

දෙවැනි පින්තූරය දෙවැනි අංගට අදාලයි. 


ඒක බැලුවොත් ,

ඒ IC වක්‍ර දෙකම ජේදනය වෙලා. එහෙම වෙන්න බෑ. ඒක rationality හෙවත් තාර්කිකත්වය කියන සංකල්පය සම්පූර්ණයෙන් විරුද්ධයි. 

U1 වක්‍රයේ තියෙනවා a හා b කියල ලක්ෂ්‍යය දෙකක්.

U2 වක්‍රයේ තියෙනවා a හා c කියල ලක්ෂ්‍යය දෙකක්.


ඒ අනුව, 

                  a = c 

                  a = b

එමනිසා : b = c

දැක්ක නේද ජේදනය වුන ගමන් වුන දේ. වක්‍ර දෙකක උපයෝගීතාවය සමානයි කියල තමයි එහෙම වුනොත් ඔප්පු වෙන්නෙ. ඒක වෙන්න බෑ. එකම උපයෝගීතාවය වක්‍ර දෙකකින් ලැබෙන්න විදියක් නෑ. ඒකයි ජේදනය වීම වෙන්නෙ නෑ කියන්නෙ. අමතක නම් rationality කියන්නෙ මොකක්ද කියන එක පෙර පැහැදිලි කිරීම හරහා බලන්න. 



🔴 3. භාණ්ඩ සංයෝජන පවතින්නේද , ඒ සෑම සං⁣යෝජනයකටම ඊට අදාල වන උපේක්ෂා වක්‍රයක් පවතී. සරල තේරුම තමයි හැම ලමයටම දෙමාපියෙක් ඉන්නවා වගේ. හැම ලක්ෂ්‍යයකටම .එම ලක්ෂ්‍යය අදාල වන උපේක්ෂා වකුයකුත් තියෙනවා කියන එක.  ඒකට අදාල අංගය තමයි completeness කියන එක .



🔴 4.  උපේක්ෂා වක්‍රය සෑම විටම වමේ සිට දකුණට පහලට බෑවුම් වේ.

හේතුව ඉහලට බෑවුම් වූවා නම් එය තාර්කිකත්වය හා more is better නැමැති අංගයට විරුද්ධ වන බැවිනි.

හිතන්න උපේක්ෂා වක්‍රය  ඉහලට බෑවුම් වෙලා තිබුණි නම් ඉහලට යන්න යන්න භාණ්ඩ වර්ග දෙකේම ඒකක ප්‍රමාණය වැඩිවෙනවා. නමුත් ඒ හැම ලක්ෂ්‍යයකම උපයෝගීතාවය එකක් වෙනවා. එහෙම වෙන්න බෑ නේද ? ඒකක ප්‍රමාණය වැඩවෙනවා නම උපයෝගීතාවයත් වැඩිවෙලා තියෙන්න ඕන.


😊☺️😄

#EconwithASM

#Economics

#conusumerbehaviourtheory

#Utility

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

#Ordinalutilitytheory

#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2