භාණ්ඩ වර්ග දෙකක් පරිභෝජනය කරන විට සමතුලිතය


 භාණ්ඩ දෙකක් සඳහා පාරිභෝගික සමතුලිතය. 



ඉතින් අපි දැනට කතා කරලා ඉවර කරල තියෙන්නෙ එක් භාණ්ඩයකට අදාල පාරිභෝගික සමතුලිතය විතරයි.  නමුත් අපි මෙහිදී දැනගන්න ඕන භාණ්ඩ 2ක් හෝ කීපයක් පරිභෝජනය කරන වෙලාවක ඒඒ භාණ්ඩ වලින් පරිභෝජනය කරන ඒකක ගණන තීරණය වන්නේ කොහොමද කියන එක. 


එහිදී එය පහත පරිදි තීරණය වේ. 


මෙහිදී අප දක්නට ලැබෙනවා නිතීයක් ඒ තමයි " ප්‍රශස්ත මිලදී ගැනීමේ නීතිය " (Optimum purchasing rule ) 


අපි මෙහදී මේ නීතිය තුලින් තමයි භාණ්ඩ වර්ග කීපයක් පරිභෝජනය කරන විට පාරිභෝගික සමතුලිතය පෙන්වා දෙන්නෙ. 

අපි උදාහරණ විදියට සලකමු , 

බැසිල් විසින් අයිස්ක්‍රීම් එකක් සහ බන් එකක් පරිභෝජනය කරනවා කියල. ඉතින් මෙතනදී කලින් වගේ සරලව හිතන්න බෑ. කලින් කිව්වෙ තනි භාණ්ඩක සමතුලිතය හොයද්දී නම් ඒ භාණ්ඩයෙන් උපරිම තෘප්තිය ලැබෙන තැන සමතුලිතය කියල දුටුවත්, මෙතැනදී භාණ්ඩ දෙකෙන්ම එකවැර තෘප්තිය උපරිමවන තැන හොයාගන්න ඕන. එකක විතරක් බලල අපිට අනික් භාණ්ඩය නොසලකා කටයුතු කරන්න බෑ . සාමාන්‍ය ජීවිතයට අරන් හිතන්න. අපි කීයක් හරි අරන් කඩේට ගියාම ගොඩක් වෙලාවට භාණ්ඩ කීපයක්ම ගන්නවා. ඉතින් අපි ඒ හැම භාණ්ඩයක් පිලිබදව අවධානය යොමු කරල ඒ හැම භාණ්ඩයකින්ම උපයෝගීතාවය උපරිමව ගන්න පුලවන ඒකක ගණන තමයි අපි ගන්නෙ. ( Eg -: නිමල් කඩේට ගොස් සීනි 250g , හාල් 1 kg , අල 500g මිලදී ගැනීම ) 


ඉතින් මේ නීතියෙන් අපිට පෙන්වා දෙන නීතිය තමයි මේ වගේ වෙලාවක සමතුලිතය තීරණය වන නියමය. එය මේසේය , 


MU from Bun / Price of a Bun = MU of an ice cream / Price of an ice cream


MU B / P B  =  MU I / P I


MU B = බන් එකක ආන්තික උපයෝගීතාවය.


P B   = බන් එකක මිල.


MU I = අයිස්ක්‍රීම් එකක ආන්තික උපයෝගීතාවය.


P I      = අයිස්ක්‍රීම් එකක මිල.


ඒ අනුව මේකෙ සරල තේරුම තමයි, එක් භාණ්ඩයක ආන්තික උපයෝගීතාවය එකේ මිලෙන් බෙදලා ගන්න අනුපාතය , අනෙක් භාණ්ඩය හෝ කීපයක ආන්තික උපයෝගීතාවය එහි මිලෙන් බෙදාගත් විට ලද අනුපාතයට සමාන වන⁣නේ කොයි ඒකක ප්‍රමාණ වලදී ද , අන්න ඒ ඒකක ප්‍රමාණ තමයි. සමතුලිත ඒකක ප්‍රමාණ කියල කියන්නේ.  


අපි හිතමු , MU B = 8 

                     P B     = 2 

                     MU I   = 12

                     P I       = 3 

එම නිසා , MU B / P B = 8/2   = 4

                   MU I / P I    = 12/3 = 4

ඒ කියන්නෙ අනුපාතය 4 යි.. එහෙනම් 4 ට 4 සමානයි. ඒ කියන්නේ මෙහි සමතුලිතය වෙන්නෙ , මේ අනුපාතය සමාන වද්දී පවතින ඒ ඒ භාණ්ඩ යේ ඒකක ප්‍රමාණයන් වේ. අපිට පුලුවන් ඕක තවත් සරල කරන්න අපි දෙපැත්තම 4 න් බෙදමු. දැන් මොකද උනේ , දෙපැත්තම 1 වුනා නේද ?  එහෙනම් භාණ්ඩ වර්ග කිපයක් පරිභෝජනය කරන අවස්ථාවක පාරිභෝගික සමතුලිතය වෙන්නෙ ඒ ඒ භාණ්ඩ වල MU / P යන අනුපාතය එකට එකක් සමාන වන වේලාව හෙවත් 1 ට එකක් වන වේලාව. හරි සරලයි. ඒ නිසාම අපි මේ තත්වයට කියනවා , *සමානුපාතික උපයෝගීතා න්‍යාය*

  ( Equi - proportional utility Rule ) කියල .


😁👍

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක