පාරිභෝගික හැසිරීම් න්‍යාය අවසානය

 


අපි දැන් සම්පූර්ණයෙන්ම සංඛ්‍යාසූචක හා ක්‍රමසූචක උපයෝගීතාවයන් කතා කරල අවසන්. දැන් අපි කතා කරන්න යන්නෙ මේ දෙකටම එහා ගියපු වෙනම පැතිකඩක්.

ඇත්තටම කිව්වොත් මේ තමයි පාරිභෝගික හැසිරීම් න්‍යාය පාඩමේ නිල අවසානය.


අපි මුලින්ම කතා කරපු සංඛ්‍යාසූචක උපයෝගීතාවය පිලිගත් පැරැණිතම හා සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් තර්ක කරේ, උපයෝගීතාවය කියන දේ මනින්න පුලුවන් කියන එකයි. ඒ යුටිල වලින්.


නමුත්, සංඛ්‍යාසූචක උපයෝගීතාවය පිලිගත් ආර්ථික විද්‍යාඥයන්ට අනුව උපයෝගීතාවය මනින්න පුලුවන් දෙයක් නෙවේ. 


ඒකයි සාරාංශය . අපි ඒ දෙකටම වෙනස් දෙයක් තමයි මේ අවසානයේ කතා කරන්න යන්නෙ.





ක්‍රමසූචක උපයෝගීතාවයට අනුව උපයෝගීතාවය අඩු වැඩි තැන් හොයන්න හා මනින්න අපි කරේ ඒ අදාල පාරිභෝගිකයාගෙන් ඔයා කැමති, අකමැති ,වඩා කැමති, වඩා අකමැති  මොන භාණ්ඩයටද , භාණ්ඩ බාස්කට් එකටද කියල එකින් එක විමසලා අනුපිලිවෙලක් හදලා බව මතක ඇතිනෙ. ඊට පස්සෙ තමයි ආදායම් ගැන එහෙමත් විමසලා , උපේක්ෂා සහ ආදායම් සංරෝධක වක්‍රය ආදිය හැදුවේ. 

හැබැයි මේක උපයෝගීතාවය මැන ගන්න හරියටම හරි කියන්න අපිට බෑ.

මොකද මේ විදියට පාරිභෝගිකයා කැමති , අකමැති මොනවටද, ඒකෙ පිලිවෙල මොකක්ද කියල අහල දැනගන්නව කියන එක සෑහෙන්න කාලය ගතවන ක්‍රියාවලියක්. ඒක ටිකක් අමාරුයි.

ඊ⁣ටත් වඩා අපිට යම් පුද්ගලයෙකුගේ අභිරුචිය එක වතාවක් ඇහුවා කියල ඒක තමයි හරියටම එයගේ අභිරුචිය කියල හිතන්න අපිට අමාරුයි.
මිනිස්සු අද ඉන්න කෙනා නොවේ හෙට ඉන්නෙ. කාලයෙන් කාලයට වෙනස් වෙනවා . අද යම් භාණ්ඩයකට කැමති වුනාට, ඒ දේටම හෙට එයා අකමැති වෙලා තියෙන්න පුලුවන්. ඔන්න මාසයක් වගේ එක දිගට දත්ත එකතු කරගත්තොත් වගේ නම් පුලුවන් සාමාන්‍යයක් විදියට ඒ තොරතුරු පාවිච්චි කරල ඒ පාරිභෝගිකයාගේ උපයෝගීතාවය ගැන අදහසක් ගන්න.

අනික් දේ තමයි යම් පාරිභෝගිකයෙකුගෙන් දත්ත ගත්තු පලියට අපිට හිතන්න අමාරුයි එයා ඒ කියන්නෙ ඇත්තම කියල. සමහරවිට එයාට වැරදුනා වෙන්න පුලුවන් බොරු කිව්ව වෙන්න පුලුවන්, බය වෙලා වැරදි දත්ත දුන්නා වෙන්න පුලුවන්.
ඒ විදියට  direct අදාල පුද්ගලයගෙන් තොරතුරු අහලා ඒව වැරදි නම් අපි ඒ හරහා හදන සෑම උපේක්ෂා වක්‍ර ආදියත් වැරදි. එහෙම වුනාම අපිට උපයෝගීතාවය ගැන නිවැරදිම අදහසක් ගන්න අමාරුයි. අපි නොමඟ යන්න තියෙන ඉඩකඩ වැඩියි.

අන්න ඕකට විකල්පය තමයි මේ, ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය.😁

එසේ ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය ගොඩනැගූ , පෝල් සැමුඑල්සන්ට හා ජෝන් හික්ස්ට අනුව , යම් පාරිභෝගිකයෙකුගේ උපේක්ෂා වක්‍රය , එම පාරිභෝගිකයාගේ අභිරුචිය පිලිබඳව සෘජු විමසීමකින්
තොරව පාරිභෝගිකයාගේ වෙළඳපල හැසිරීම අධ්‍යනය කිරීම මඟින් නිර්මාණය කරගත හැකිය.

උදාහරණ විදියට, 

දම්මිකා විසින් වෙලඳපොලට ගොස් A හා B භාණ්ඩ බාස්කට් අතරින් , A කූඩය ,Bට වඩා මිලෙන් අධික වුනත් A භාණ්ඩ කූඩය මිලදී ගත්තාය.

එයින් නිරීක්ෂණය වන්නේ,
දම්මිකා හට B කූඩයට වඩා වැඩි උපයෝගීතාවයක් A කූඩයෙන් ලැබෙන බව නේද ? 

අපි කෙලින්ම එයාගෙන් උපයෝගීතාවය ගැන අහුවද ?නෑ නේද ? අපි නිරීක්ෂණය කරල නේද? උපයෝගීතාවය ගැන අවබෝධ කරග්තතේ. උපේක්ෂා වක්‍රය හැදුවේ. 
පාරිභෝගිකයාගේ වරණය 

🔹නිරීක්ෂණය හරහා පාරිභෝගිකයාගේ වරණය ප්‍රත්‍යක්ෂ වුන නිසා තමයි අපි මේකට ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය කියන්නෙ. 🔹

( ප්‍රත්‍යක්ෂ කියල කියන්නෙ , අනාවරණය වෙනවා නැත්නම් හෙලිදරව් වෙනවා, තේරුම් යනවා, අවබෝධ වෙනවා වගේ අදහසක් )




පහත සටහන බලන්න.

MN යනු ආදායම් සංරෝධකය වේ.
X හා Y ලෙස භාණ්ඩ වර්ග දෙකට තම මුලු ආදායම වියදම් කරයි.

A, B, C, D ලෙස භාණ්ඩ සංයෝග 4 කි.

ඒ විදියට මේ අතරින් එකක් පාරිභෝගිකයා විසින් තෝරගැනීම  නිරීක්ෂණය වීමෙන් අපිට තේරුම් යන , ප්‍රත්‍යක්ෂ වන දේ මොකක්ද. ඒ තමයි අනෙක් සියලු ලක්ෂ්‍යය වලට වඩා වැඩි උපයෝගීතාවයක් ඒ හරහා ඔහුට ලැබෙන බවයි.


අපි සිද්ධි කීපයකින් කලින් කතා කරපු බාල , ගිෆන් කියන හැම සම්බන්ධයම කතාකරන්න එක පාරින් අපිට මෙතනදී පුලුවන්.


🔴 1. පාරිභෝගිකයා විසින් A කූඩය මිලදී ගැනීම.

A කියන්නේ B වගේම BC මත තියෙන කූඩයක්නේ. ඒ කියන්නෙ දෙකේම cost එක එකයි. එහෙම වෙලත්, A ගන්න හේතුව තමයි, B වලට වඩා වැඩි උපයෝගීතාවයක් A වලින් ලැබෙනවා කියන දේ  නිසා. ඒ අනුව ඉන් ප්‍රත්‍යක්ෂ වන දේ තමයි මේ පාරිභෝගිකයාට, A ට සපේක්ශ B බාල වෙනවා කියන එක.

🔴 2. C කියන්නෙ භාණ්ඩ වර්ග දෙකම අඩු, ඒ නිසාම cost එකත් අඩු කූඩයක්. Cost එක අඩු වෙලත් ,ඒකට නොයා මේ පාරිභෝගිකයා A කූඩය මිලදී ගැනීමෙන් අපිට ප්‍රත්‍යක්ෂ වන දේ තමයි, Cත් මෙයාට A ට සාපේක්ෂව බාලයි කියන එක නේ.

🔴 3. D කූඩයේ භාණ්ඩ වර්ග දෙකම වැඩියි. ඒ වගේම cost එකත් A ට වඩා වැඩියි. නමුත් ඒක මෙයාට මිලදී ගන්න බෑ. හේතුව මෙයාගේ ආදායම මදි නිසා. හැබැයි ගන්න පුලවන් උනානම් අනිවාර්යයෙන් A වෙනුවට මෙයා D ගන්නවා. එකෙන් ප්‍රත්‍යක්ෂ වන දේ තමයි. A ට වඩා D කූඩය වඩා හොඳයි, අනර්ඝයි කියන එකයි.







ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය ප්‍රායෝගිකව යොදා ගැනීම.

අපි මුලින්ම කිව්වනෙ මේ ප්‍රත්‍යක්ෂ වරණ න්‍යයෙන් කරන්නෙ නිරීක්ෂණය හරහා ප්‍රත්‍යක්ෂ කර ගැනීමක් කියල. මේක ඉතා සරල සංකල්පයක් හැබැයි ඉගෙන ගත්තත් ගොඩක් අය නොදන්න කාරණයක් තමයි මේ සංකල්පය අද ලෝකෙ හොල්ලන්න පාවිච්චි කරන සුලභව පාවිච්චි වන සංකල්පයක් වග. 
කෙලින්ම පාරිභෝගිකයාගෙන් අහල බලන්නෙ නැතිව එයගේ ඕනෑ එපාකම් ගැන එයාව හොරෙන් නිරීක්ෂණය කරල ගන්න පුලුවන් නම් අපිට හොඳ අවබෝධයක් ගන්න පුලුවන් අපේ පාරිභෝගිකයො ගැන.

අනික අපි කලින්ම කිව්ව වගේ එක් එක කෙනාගෙන් එයාගෙ අභිරුචියන් අහල බලලා පාරිභෝගිකයාව අදුනාගන්න කොච්චර කාලයක් යයිද?  කොච්චර අමාරුයිද  එහෙම කරන එක. 

ඉතින් මේ න්‍යාය පාවිච්චි කරන ප්‍රායෝගික තැන වෙන මොකක්වත් නෙවෙයි. අප නිතරම පාවිච්චි කරන අන්තර්ජාලය තමයි ඒ දේ.

Amazon , alibaba , Youtube මේ හැමදේටම මූලිකවම ඕන කරන දෙයක් තමයි පාරිභෝගික අභිරුචිය . මේවා උදාහරණ විතරයි. හැම ව්‍යාපාරයකටම තමන්ගේ පාරිභෝගිකයාගේ අභිරුචිය දැන ගැනීම අත්‍යාවශ්‍යයි. ගෙවල් ලඟ තියෙන පුංචි පෙට්ටි කඩේ ඉදන් Amazon එකටත් ඒක හොදටම අදාලයි. හැබැයි පෙට්ටි කඩේට වඩා සුපිරියටම මේ දේ Amazon එක වගේ අන්තර්ජාලය හා බැදුණු ව්‍යාපාර වලට කරන්න පුලුවන්. ඒක ඒ ව්‍යාපාර වල ස්වභාවය නිසාම හරිම ලේසි.

ඔයා මේ දැන් Youtube එකට ගිහින් AL  Econ කියල search කරන්න. උඩට පහලට යන්න. එකක් දෙකක් බලන්න. අද දවසම නිතර නිතර කරල බලන්න. පස්සෙ ආයෙත් Youtube App එක on කරල බලන්න. බලන්න අනිවාර්යයෙන්ම ඔයා search නොකරම wall එක පුරා ඔයාට Suggest  වෙන්නෙ Econ video. ඒක sure.

අනිත් පැත්තට amazon එකේ shoes search කරල බලන්න, Google එකේ shoes හරි කැමති දෙයක් search කරල බලන්න. හෙට ඉදන් FB එකේ suggest වෙන්නෙ shoes. 

මේක හිතල බලන්න. ⁣ගොඩක් වෙලාවට ඔයා FB ගියාම පෙන්වනනේ කාගෙ Post ද, වැඩිපුරම . අන්වාර්‍යයෙන්ම ඔයා හොඳට අදුනන , ඔයත් නිතර ලයික් , කොමෙන්ට් කරන අයගේ,  engage එක වැඩි අයගේ post නේද? 

අන්න දැක්කද. ඔයාත් නොදැන ඔයගේ අභිරුචිය , වරණය   අන්තර්ජාලය හරහා ඒ ව්‍යාපාර ප්‍රත්‍යක්ෂ කරගෙන ඔයාටත් නොදැනම. ඒ කෝමද. අන්තර්ජාලය තුල ඔයලේ හැසිරීම් ඒ අය නිරීක්ෂණය කරල , ඔයගේ උපයෝගීතාවය , වරණය කොහෙද ත්යෙන්නෙ කියල දැනගෙන.

හිතල බලන්න. නැත්නම් කෝමද Youtube එකේ , Amazon එකේන් ඔයා කැමති දේවල් suggest කරේ. මොකද ඔයාගෙ ගෙදර ඇවිත් එයාලා සංගනනයක් කරාද කැමති දේවල් අහල. නෑ... මේ තොරතුරු කියන දේ මාරම වැදගත්. මේ තොරතුරු අලෙවිය වෙනම ව්‍යාපාරයක් වෙනවා. Whtsp , FB එකත් මේ දේ කරනවා. මේ හරහා මාර විදියට ලොකු marketing camping එකක් දෙන්න ලොකු ව්‍යාපාර වලට පුලවන්. 

ඉතින් ඔන්න ඔය විදියට. අපිටත් නොදැනීම,  මේ ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය අපිට ප්‍රායෝගිකව පාව්චිචි වෙනවා.😐

ඉතින් මේ විදියට අපි මෙච්චර කල් කතා කරපු පාරිභෝගික හැසිරීම් න්‍යාය අවසාන කරනවා.

පෝස්ට් එකක් නෑර කියෙව්වනම් , අවබෝධයක් ලැබුනනම්  ඒක තරම් වෙන සතුටක් මට තවත් නෑ. 
අදහස් Comment එකකින් හෝ messenger හරහා දක්වන්න.

අපි ඊලඟට නිෂ්පාදකයාගේ පැතිකඩ කතා කරන නිෂ්පාදන න්‍යායෙන් හමුවෙමු.

ජය !!!
- ASM -
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Revealdpreferencetheory
#ප්‍රත්‍යක්ෂවරණන්‍යාය


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

පාරිභෝගික සමතුලිතය

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2