සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ දුර්වලතා
මෙන්න දැන් මේක තමයි අපේ පාරිභෝගික හැසිරීම් න්‍යාය පාඩමේ පලමු පරිච්ඡේදයේ අවසානය. ඒ කිව්වෙ සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ අවසානය. ඒ තමයි ,
" සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ දුර්වලතා හෙවත් අසමත්වීම්" .
මෙහෙමයි , අපි ආර්ථික විද්‍යාව විතරක් නෙවේ , ඕනම දේකදී හොඳ වගේම නරක , දුර්වල පැත්තත් සලකා බැලිය යුතුමයි. ඒක හැමතැනකටම පොදුයි . ඉතින් මේකටත් ඒක අදාලයි.
අපි මුලදීම කිව්ව උපයෝගීතාවය කියන දේ මුලින් ම දැක්කෙ මේ සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ කියන විදියට. නමුත් ඒක පසුකාලීනව වෙනස් කරා . ඒ වෙනසට හේතුව තමයි මේ සංඛ්‍යාසූචක උපයෝගීතාවය එතරම්ම සාර්ථක නෑ වගේම තාත්වික අඩුයි . අන්න එක් නිසා විකල්පයක් කරා ආර්ථික විද්‍යාඥයන් ගමන් කරා. ඉතින් මොනවද මේ සංඛ්‍යාසූචක උපයෝගීතාවයේ ඇති දුර්වලතා.
ඒවා 3ක් පවති. ඒ මෙසේය.
🔴 1. උපයෝගීතාවය පැහැදිලිව මැනිය හැකි දෙයක්ද යන ප්‍රශ්නය.
අපි කිව්ව මතක ඇති මේ න්‍යායට අනුව උපයෝගීතාවය නිකං , දියරයක් ලීටර් වලින් , ස්කන්ධයක් කිලෝ වලින් මනිනව වගේ යුටිල නැමැති ඒකකයෙන් මනිනවා කියල කිව්ව. හැබැයි හිතන්න බලන්න අපිට පුලුවන්ද මේ උපයෝගීතාවය ඇත්තටම එහෙම මනින්න. දියර වර්ග නම් බෝතලයකට පුරවන්න, දකින්න , අල්ලන්න පුලුවන් . යම් කිසි බරක් සහිත වස්තුවකුත් එහෙමයි. හැබැයි උපයෝගීතාවයට ඒ කිසිම ලක්ෂණයක් නැත. කොටින්ම කිව්වොත් උපයෝගීතාවය කියන දේ අපේ මනසේ වැඩ කරන , අපේ හිතට අනුව වැඩ කරන , සම්පූර්ණයෙන්ම ආත්මගත., නොපෙනන , සංකීර්ණ දෙයක් නේද ? හරියට නිකං , දුක , සතුට , රාගය වගේ. එහෙම බැලුවොත් අපිට දුකටත් මිම්මක් දාගෙන මැන්න හැකි. දුක කිලෝ 2යි. සතුය ලීටර් 5යි. 😅. අන්න මේක තමයි සංඛ්‍යාසූචක උපයෝගීතාවයට තියෙන ප්‍රධානම දුර්වලතාවය.
🔴 2. යුටිල යනු මොනවාද ? එයට නිශ්චිත නිර්වචනයක් නොමැති වීම.
දෙවැනි දුර්වලතාවය මේකයි. ඇත්තටම යුටිල කියන දේ හරියට පැහැදිලි කරල නෑ. ඉතින් උපයෝගීතාවයේ මිම්මවත් සම්මත නැති කොට , ගණනය කිරීම් ගැන පිලිගන්නෙ කෝමද කියන දේ ගැටලු සහගතයි නේද? හිතන්න ලීටර් එකක් කියන්නෙ කොච්චරක්ද කියල අපිට ඕනම වේලාවක හරියටම පෙන්වන්න පුලවන්. කිලෝ එක පෙන්වන්න, නිර්වචනය කරන්න පුලුවන්. හැබැයි ඔයාටවත්, මටවත්.කිසිම හැකියාවක් නෑ , යුටිල් එකක් කියන්නෙ මෙන්න මේච්චරකට කියල පෙන්වා දෙන්න හෝ නිර්වචනය කරන්න.
🔴 3. සංඛ්‍යාසූචක උපයෝගීතාවයට අනුව විවිධ පුද්ගලයන්ට විවිධ උපයෝගීතා අගයන් ලැබීම.
මෙකෙන් කියන්නෙ මේකයි. එකම භාණ්ඩය පරිභෝජනය කරන දෙන්නෙක් හෝ කීපදෙනෙකු ගත්තම ඒ දෙදෙනාට හෝ කීපදෙනාට ලැබෙන උපයෝගීතා අගයන් අසමාන වීම. එහෙම වෙන්නෙ කෝමද. එක මිම්මකින් මැන්නෙ එකම භාණ්ඩයක් ගැනම නම් එකම වෙන්න එපැයි.😐
හිතන්න නිමල් ගාවත් බනිසක් තියෙනවා. කමනි ඒ වගේම බනිසක් තියෙනවා. යුටිල් වලින් උපයෝගීතාවය කිව්වම නිමල්ට ලැබෙන උපයෝගීතාවය 10 යි ලු. කමනිට 8 යි ලු. ප්‍රශ්න ගතයි නේද?
මෙහෙම හිතන්න, නිමල් දෙනවා ලීටර් 1.5 ක හිස් කොකා කෝලා බෝතලයක්. ඒ බෝතලයක්ම දෙනවා කමනිටත්. දෙන්නටම මම කියනවා කට පිරෙන්න පුරවලා වතුර පුරවන් එන්න කියල. ඉතින් මම ඊට පස්සෙ දෙකේම වතුර ප්‍රමාණය මනිනවා. දෙක්මෙ පවතින්නෙ ලීටර් 1.5
කිසි වෙනසක් නෑ. මොකද එකම බෝතල් වර්ගය, එකම ධාරිතාවය , එකම ත්තවය. හැබැයි උපයෝගීතාවය මේ වගේද ?නෑ. උපයෝගීතාවය කියන දේ හිත, මනස සමඟ.බැදුණු හරිම වෙනස් දෙයක්. ඒක ආත්මගතයි. ඒක පැහැදිලි කරන්න පුලුවන් ඒ අදාල පුද්ගලයාටමයි. පුද්ගලයා මත එකම දේකට වුනත් උපයෝගීතාවය වෙනස්. ඒක ඒ පුද්ගලයගේ දේවල් මත තීරණය වන හරිම වෙනස් සංකීර්ණ දෙයක්.. එක් අයෙකුටම යම් දෙයකින් ලබන උපයෝගීතාවය , තවත් කෙනෙක්ට ඒ දෙයින්ම ලබන උපයෝගීතාවයට වඩා හාත්පසම වෙනස් වීම වෙනවා.
මෙහෙම හිතන්න,
නන්දිසේනයි. මිහින්දයි ඉන්නව. මේ දෙන්න ඉස්සරහ වටලප්පන් පිඟානක් තියෙනවා.
මිහින්ද වටලප්පන් වලට මාර ආසයි. එයා ඒක කාගෙන කාගෙන යනවා. හැබැයි නන්දිසේන පැත්තවත් හැරිල බලන්නෙ නෑ. ඒ කියන්නෙ වටලප්පන් පිඟානෙන් මිහින්දට උපයෝගීතාවයක් තිබ්බට , නන්දිසෙන්ට නෑ. එහෙම වුනේ කෝමද , එකම වටලප්පමට උපයෝගීතාවය වෙනස් වුනේ. කෝමද? හේතුව තමයි අර ආත්මගත සංකල්පයක් වෙනවා කියපු එක. මොකක්ම හෝ මානසික හේතුවක් නිසා උපයෝගීතාවය වෙනස් වෙලා.
උදාහරණයක් විදියට නන්දිසේනට පොඩිකලෙ එක්වතාවක් වටලප්පන් කාලා බඩ අජීර්ණය වෙලා , හොඳටම අමාරුවුනු අත්දැකීමක් පවතිනවා. හැබැයි මිහින්දට එහෙම අවුලක් නෑ. මොකද එයාට එහෙම වෙලා නෑ. දැක්කද , මෙන්න මේකට තමයි ආත්මගත සංකල්පයක් කියන දෙයින් අදහස් වෙන්නෙ. ඉතින් එකම දෙයක් දිහා බලන විදිය හෙවත් උපයෝගීතාවයේ තරම වෙනස් වෙලා . එහෙව් සංකල්පයක් යුටිල නැමැති ඒකකයක් හරහා මැනීම සාධාරණ නෑ නේද ?අන් ඕකයි අවසන් දුර්වලතාවය විදියට ඉදිරිපත් වෙලා තියෙන්නෙ.
ඉතින් අන්න ඔය ගැටලු නිසා , උපයෝගීතාවය පැහැදිලි කරන්න එනවා ක්‍රමසූචක උපයෝගීතාවය කියන සංකල්පය . එම පාඩම ඉදිරියේදී බලාපොරොත්තු වන්න.🤗
😁👍
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment