භාණ්ඩ වර්ග දෙකක පාරිභෝගික සමතුලිතය තීරණය වන අයුරු
සමතුලිතය ඇතිවන විදිය පහත පරිදී අධ්‍යයනය කරමු. අවස්ථා 3 ක් ඇසුරින්.
🔴 MU B / P B > MU I / PI
බලන්න මෙතන බන් එකකට ගෙවන එක් රුපියලකින් ලැබෙන් ආන්තික උපයෝගීතාවය , අයිස්ක්‍රීම් වලට වැය කරන එක් රුපියලකින් ලැබෙන ආන්තික උපයෝගීතාවයට වඩා වැඩියි නේද ? උදාහරණ විදියට ගත්තොත් , බන් වලට රුපියලක් වැය කරද් දී, බන් වලින් ලැබෙන ආන්තික උපයෝගීතාවය 5 ක් , වුනාට අයිස්ක්‍රීම් වලින් ලැබෙන්නෙ 2 යි නම්, එතන එකට එක අනුපාතය හෙවත් එකට එක සමාන වෙලා නෑ. ඒ කියන්නෙ සමතුලිතයක් නෑ. පාරිභෝගිකයා හිතනවා මට වැඩියෙන් වාසි තියෙන්නෙ බන් වලින් හෙවත් මං ගෙවන ගානට වැඩියෙන් ප්‍රතිලාභ තියෙන්නෙ බන් වලින් කියල. ඉතින් මෙයා මොකද කරන්නෙ ? මෙයා අනිවාර්යයෙන්ම බන් වල පරිභෝජනය වැඩි කරනවා දිගින් දිගටම. අයිස්ක්‍රීම් වල ඒකක ගණන අඩු කරනවා. ඉතින් මේ වගේ වෙලාවක සමතුලිතයක නැත.
🔴 MU B / P B < MU I / PI
දැන් මෙතන කලින් කිව්ව සිද්ධියම අනිත් පැත්තට ගලපන්න. ඒ නිසා මෙතනත් සමතුලිතයක නැත.
🔴 MU B / P B = MU I / PI
මෙන්න අපේ නීතය ඇතිවෙලා. මොකද මෙතන අනුපාතය එකට එකක් සමානයි. සරලවම එකකින් ලබන තෘප්තිය අනෙකේ තෘප්තියට සමානයි. සරලවම බන් එකකට වැය කරන රුපියලකින් ලබන ආන්තික උපයෝගීතාවය සමාන වෙනවා අයිස්ක්‍රීම් එකක් මත රුපියලක් වැය කල විට ලබන ආන්තික උපයෝගීතාවයට. ඒ කියන්නෙ අමුතුවෙන් දෙකෙන් එකකින්වත් වැඩි වාසි නෑ. දෙකේම ප්‍රතිලාභ එකකට එකක් සමානයි. මෙන්න මෙතන තමයි සමතුලිතය.
මේක තමයි මෙවැනි අවස්ථාවක සමතුලිතය සඳහා වන මුලිකම කොන්දේසිය. නමුත් තව එකක් තියෙනවා . ඉහත අනුපාතය කොහොම සමාන වුනත් වැඩක් ද ? පාරිභෝගිකයාට ඒ ප්‍රමාණය මිලදී ගන්න සල්ලි නැත්නම්. එහෙනම් ඒකත කොන්දේසියක් තමයි. මේ දෙකම පහත පරිදි වේ.
🔴 සමතුලිත කොන්දේසි අංක 1 :
MU B / P B = MU I / P I
🔴 සමතුලිත කොන්දේසි අංක 1 :
M = ( P B . Q B ) + ( P I . Q I )
🔹P B = බන් එකක මිල.
🔹Q B = බන් ඒකක ප්‍රමාණය.
🔹P I = අයිස්ක්‍රීම් එකක මිල.
🔹Q I = අයිස්ක්‍රීම් ඒකක ප්‍රමාණය.
😁👍
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment