පාරිභෝගික සමතුලිතය ප්‍රස්තාර ඇසුරින්

 

එක් භාණ්ඩයක සමතුලිත පරිභෝජන මට්ටම පහත ලෙස ප්‍රස්තාරයක් ආශ්‍රයෙන් අපිට පෙන්වා දෙන්න පුලුවන්.


ප්‍රස්තාරයේ තිරස් අක්ෂයෙන් සලකා බලන භාණ්ඩයේ පරිභෝජන ඒකක ප්‍රමාණයත්, 

සිරස් අක්ෂයෙන් එහි ආන්තික උපයෝගීතාවය සහ මිලත් දක්වා ඇත.


ඉතින් අපි මේ විදියට වක්‍ර වර්ග දෙකක් අදින්න ඕන. ඒ තමයි ආන්තික උපයෝගීතා වක්‍රය සහ මිල වක්‍රය. ආන්තික උපයෝගීතා වක්‍රය පහලට බෑවුම් වුනත් , මිල නොවෙනස්ව ස්තාවරව පවතී. ඉතින් මිල වක්‍රය සෑම විටම තිරස් අක්ෂයට සමාන්තරයි. අපිට ඕන මොකක්ද ? මේ දෙක ජේදනය වන point එක හෙවත් MU = P වන වෙලාව, ඒ කියන්නෙ සමතුලිතයේ පලමු කොන්දේසිය ඉටුවන තැන. හැබැයි ඒ ස්ථානයේදීම පාරිභෝගිකයා සතු මුදල , මුලු වටිනාකමට සමාන වෙන්නත් ඕන. 


අපි මේ රූපයේ පරිදි ප්‍රස්තාරය කොටස් තුනකට කඩමු. A , B හා C කලාප ලෙස. 


🔴 A කලාපය :

බලන්න මෙතනදී P ට වඩා MU විශාලයි. පේනවනේ MU වක්‍රය P ට වඩා ඉහලින් ගිහින්. ඉතින් එතැන කෝමත් සමතුලිතය නම් තියෙන්න විදියක්  නෑ. මොකද එතන MU = P වෙන්නෙ නෑ. මොන පාරිභෝගිකයා හරි මෙතන හිටියොත් එයා අනිවාර්යයෙන්ම තමන්ගේ පාරිභෝජනය කරන ඒකක ගණන වැඩි කරනවා. මොකද එයාට දැනෙනවා භාණ්ඩයෙන් ලබන උපයෝගීතාවය ලොකුයි ගෙවන මිලට වඩා. නිදසුනක් ලෙස , ඔයා චොක්ලට් එකට 10 ක් ගෙවද්දී , ඔයාට ආන්තික උපයෝගීතාවය විදියට 20 ක්ම ලැබෙනවා. කොච්චර ලාභද ? කොච්චර ශෝක්ද ?🤗  ඔයා නිකං ඉන්නවද නෑ. ඔයා තව ලාභ වැඩිකරගන්න තව තවත් ඒකක ප්‍රමාණය වැඩි කරනවා. ඔන්න ඔහොම වැඩි කරගෙන , වැඩිකරගෙන යද්දි ඔයා C කලාපයට වැටෙනවා. 


🔴 C කලාපය : 

මෙතනදී වෙන්නෙ අනික් පැත්ත. P ට වඩා MU කුඩා අගයක් ගන්නව. මොකද P වක්‍රයටත් වඩා පහලින් තමයි මෙතන MU පවතින්නෙ. එහෙනම් මෙතනත් සමතුලිතය නෑ. මොකද MU = P නොවේ. මෙතන වෙන ප්‍රතිඵලය තමයි , ඔයා තමන්ගේ පරිභෝජනය ක්‍රමයෙන් අඩු කරනවා. හේතුව තමයි ඔයා ගෙවන මිලට ,සාධාරණ තෘප්තියක් ඔයාට මෙතනදී නොලැබෙන එක. කලින් නිදසුනම  ගත්තොත් චොක්ලට් එකට ඔයා 10 ක් ගෙවද් දී  ඔයාට ලැබෙන ආන්තික උපයෝගීතාවය 6 ක්. ඉත්න ඔයාට 4ක් පාඩුයි. ඉතින් එහෙව් වෙලාවක ඔයා තවත් පාරිභෝජනය වැඩි කරයිද ? නෑ. ඔයා අනිවාර්යයෙන් පරිභෝජන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරනවා. මොකද පාඩු කන්න ඔයාට වුවමනාවක් නෑ.🤔


🔴 B ලක්ෂ්‍යය :

මෙන්න මෙතැනදී , මේ වක්‍ර දෙකම ජේදනය වෙනවා. ඒකෙ තේරුම තමයි MU = P වෙයි. ඒ සමතුලිතය සඳහා වන පලමු කොන්දේසිය. එතැනදීම දෙවන කොන්දේසියත් ඉටු වෙනවා. ඒ කියන්නෙ එතන තමයි හරියටම පාරිභෝගිකයා පරිභෝජනය කරන ඒ්කක ප්‍රමාණය පවතින්නෙ. එනම් ප්‍රශස්ත පරිභෝජන මට්ටම වෙන්නෙ , එම ඒකක ප්‍රමාණය වේ.  මෙතනදී කලින් වගේ පාරිභෝගිකයා විසින් තමන්ගේ පරිභෝජන ඒකක ප්‍රමාණය අඩු හෝ වැඩි කරන්න පෙළඹෙන්නේ නෑ. මොකද මෙතන තමයි පාරිභෝජනය කරන්න හොඳම ලක්ෂ්‍යය. කලින් උදාහරණයම ගත්තොත් , චොක්ලට් එකක් 10 යි. ඒ වෙලාවේ ආන්තික උපයෝගීතාවයත් 10 යි. ඉතින් ඔයාට මෙතන ලාභත් නෑ , පාඩුත් නෑ. ඉතින් කලින් වගේ පරිභෝජනය අඩු හෝ වැඩි කරන්න වුවමනාවක් ඔයාට නෑ. ඒ මට්ටමේම අනිවාර්යයෙන් ඔයා ඉන්නවා. 😊


😁👍

#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව



Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2

ඒංගල් වක්‍රය

පාරිභෝගික සමතුලිතය

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක