ක්‍රමසූචක උපයෝගීතාවයට අනුව පාරිභෝගික සමසමතුලිතය
🔹ක්‍රමසූචක උපයෝගීතාවයට අනුව පාරිභෝගික සමතුලිතය හෙවත් ප්‍රශස්ත පාරිභෝජන මට්ටම සෙවීම.🔹
දැන් තමයි අපි අපේ මූලිකම අරමුණට එන්නෙ. මේ අරමුණ අවබෝධ කරගන්න තමයි අපි උපේක්ෂා වක්‍රය හා අයවැය වක්‍රය කියන දෙකම මුලින් ඉගෙන ගත්තෙ.
මෙහෙමයි, ආදායම නැමැති සීමාව හෙවත් අයවැය බාධකය කියල එකක් නොතිබ්බනම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට පුලුවන් අනන්ත භාණ්ඩ ඒකක ප්‍රමාණයක් භුක්ති විදින්න. නමුත් සබෑවටම එහෙම බෑ. පාරිභෝගිකයාට ඒ නිසා සිද්ධ වෙනවා ඒ සීමාවට යටත් වෙලා ගන්න පුලුවන් උපරිම ආතල් එක ගන්න. සරලවම අපි දන්නවා පාරිභෝගිකයා අවස්තාව අනුව ගත හැකි උපරිම තෘප්තිය ගන්නවා කියන එක. ඒ විදියට පවත්නා ආදායමෙන් උපරිම තෘප්තිය පාරිභෝගිකයා විසින් ගන්නවා.
එසේ තම ආදායමට යටත්ව , උපයෝගීතාවය ,තෘප්තිය උපරිම වන භාණ්ඩ ලක්ෂ්‍යයේ පාරිභෝගිකයා කටයුතු කරනවා හෙවත් පාරිභෝගික සමතුලිතය තීරණය වෙනවා.
🔴 1. උපයෝගීතාවය උපරිම වන ලක්ෂ්‍යය මත කටයුතු කිරීම : U = f(X,Y)
🔴 2 . එම ලක්ෂ්‍යයේ කටයුතු කිරීමට ආදායම ප්‍රමාණවත් වීම හා උපරිමයෙන් ආදායම යෙදවීම. : I = ( Px. Qx ) +( Py.Qy )
සමතුලිතය තීරණය වන ආකාරය පහත පරිදි දැක්විය හැක.
ක්‍රමසූචක උපයෝගීතාවය අනුව පාරිභෝගික සමතුලිතය පිහිටන ලක්ෂ්‍යයට අනිවාර්ය සාධකයක් පවතිනවා. ඒක කොන්දේසියක් කීවත් හරි. ඒ තමයි එහිදී ,
උපේක්ෂා වක්‍රය , අයවැය රේඛාවට ස්පර්ශක විය යුතුයි කියන එක.
හොඳට මතක තියාගන්න ජේදනය වෙනවා නෙවෙයි. ස්පර්ශ වෙනවා කියන දේ. ජේදනය වෙනවා කියන්නෙ එක රේඛාවක අනිත් රේඛාව කපා ගෙන හරහා යනවා කියන එක. නමුත් මෙතන විය යුත්තේ රේඛා දෙක ගෑවී නොගෑවී යනවා කියන දේ බව හොඳට මතක තබා ගන්න.
මේ විදියට තීරණය වන සමතුලි තයේ කටයුතු කරන විට පාරිභෝගිකයා කිසිම වේලාවක තම පරිභෝජනය වෙනස් කරමින් , වෙනත් ලක්ෂ්‍යය මාරු වෙන්න පෙළඹෙන්නේ නැ. මොකද හොඳම තැනට ආවට පස්සෙ ඇයි වෙන තැන් හොයන් යන්නෙ , එතැන නවතින්නෙ නැතිව.😄. නමුත් මේ ලක්ෂ්‍යය හමුවන තුරු වෙනත් ලක්ෂ්‍යය වල සිට වෙනත් ලක්ෂ්‍යය කරා මාරු වෙනවා. මොකද ඒ තැන් තෘප්තිය උපරිම වන තැන් නොවන නිසා.
මේ සමතුලිතය ගැන හොඳ විග්‍රහයක් අපි කලින් කොටසේ සංඛ්‍යාසූචක උපයෝගීතාවය තුල කතා කරා.
බලන්න මේ උදාහරණයේ ලක්ෂ්‍යය ගොඩක් පෙන්වලා තියෙනව. හැබැයි මේ ඔක්කම සමතුලිත ලක්ෂ්‍යය වෙන්නෙ නෑ. බලන්න a , b ලක්ෂ්‍යය දෙකම BC ට IC ස්පර්ශක වෙනවා නෙවේ. ඒ ජේදනය වෙනව කියන එකයි.
c,d ලක්ෂ්‍යය වල කිසිදු ස්පර්ශ වීමක් තියා ජේදනයක් වත් නැත. නමුත් එකම එක ලක්ෂ්‍යයක පමණක් ස්පර්ශ වීමක් දැකිය හැක. ඒ E ලක්ෂ්‍යයයි. ඒ අනුව එම ලක්ෂ්‍යය පාරිභෝගික සමතුලිතය උපරිම වන ලක්ෂ්‍යය ලෙස කිව හැකිය.
සරලවම d ට යන්න අපිට ප්‍රමාණවත් ආදායමක් නෑ.
c වලට යන්න අපිට වුවමනාවක් නෑ. මොකද එතැන අපි අඩුවෙන් ආදායම පාවිච්චි කරනවා. අපිට අපේ මුලු ආදායම පාව්චිචි කරල වැඩි භාණ්ඩ පරිභෝජනය කරන්න පුලුවන් කමක් තිබිලත් ඇයි අපි අඩුවෙන් පරිභෝජනය කරන්නෙ.
a, b හා E ලක්ෂ්‍යය වලදී වැයකල හැකි සමස්ත ආදායමම උපයෝජනය කරල තියෙන බව පැහැදිලිය. මොකද තුනම තියෙන්නෙ BC මත. හැබැයි බලන්න a හා b යන වක්‍ර දෙකම තයෙන්නෙ U1 උපේක්ෂා වක්‍රයේ . නමුත් E ඉන්නෙ U2 වක්‍රයේ. ඉතින් ඇයි අපි a,b වගේ අඩු උපයෝගීතාවයක් දෙන වක්‍ර වල ඉන්නෙ. ඒ මුදලටම වැඩි උපයෝගීතාවයක් දෙන E ලක්ෂ්‍යයට යන්නෙ නැතුව.
එසේ සියලු තත්ව හා පවත්නා තත්වය මත පාරිභෝගික තෘප්තිය උපරිම වන ලක්ෂ්‍යය තමයි E.
බලන්න පහත රූපසටහන.
මෙතනදී සිදුවන යම් ගැටලු සහගත සේම සුවිශේෂී සිද්ධිය වන්නේ. පෙර කතා කල සංඛ්‍යාසූචක උපයෝගීතාවයයේ හීනව ආන්තික උපයෝගීතාවය යන සංකල්පය යොදා ගැනීමවයි. එසේ ,
🔴 a ලක්ෂ්‍යය -: මෙහිදී පහල සිට a දෙසට ගමන් කලහොත් සිදුවන දෙය හොඳින් නිරීක්ෂණය කරන්න. එහිදී වන්නේ , X ඒකක ප්‍රමාණය අඩු වී. Y ඒකක ප්‍රමාණය වැඩි වීමයි. අපි මේ වන විටත් දන්නවා සංඛ්‍යාසූචක උපයෝගීතාවය අනුව ප්‍රමාණය වැඩිවෙත්ම උපයෝගීතාවය අඩු වෙනවා. අඩු වෙන විට වැඩිවෙනවා කියන සිද්ධිය. ඉතින් මෙතනත් Y වල ආන්තික උපයෝගීතාවය ඉහලට යන් යන්න අඩු වෙනවා , X ගේ උපයෝගීතාවය වැඩිවෙනවා . මොකද හීනවන ආන්තික උපයෝගීතාවය නිසා. ඒ නිසාම a වලදී Y මත වැය කරන අවසාන රුපියල හරහා ලබන උපයෝගීතාවය වඩා වැඩි උපයෝගීතාවයක්, X මත වැය කරන අවසාන රුපියල් හරහා ලබනවා. දැන් එහෙනම් පාරිභෝගිකයා මොකද හිත්න්නෙ. එයා හිතනවා, දැනෙනවා X වලින් ලබන ආත්ල් එක වැඩි ඒ නිසා X තව වැඩියෙන් පරිභෝජනය කරන්න ඕන කියල හිතලා X ඒකක ගාන වැඩි කරනවා Y අඩු කරල.එසේ ඔහු පසුව b ලක්ෂයට ලඟා වෙනවා. දැන් පෙර කතාවේ අනිත් පැත්ත.
🔴 b ලක්ෂ්‍යය -: එසේ මෙහිදී Y ඒකක ගනන අඩු නිසා ඉන් ලබන ආන්තික උපයෝගීතාවය වැඩියි. සරලවම X ට සාපේක්ෂව Y මත අවසාන රුපියල වැය කිරීමෙන් ලබන උපයෝගීතාවය x ට වඩා වැඩියි. දැන් පාරිභෝගිකයා හිතනවා Y ගෙන් ලබන තෘප්තිය වැඩියි. ඒ නිසා Y වැඩි කරනවා කියල. ඒ විදියට ඔහු අවසානයේ E වෙත එනවා.
🔴 E ලක්ෂ්‍යය -: මේ සමතුලිත ලක්ෂ්‍යය තුල පෙර සිදු වූ තත්වය වන්නේ නැත. හේතුව නම් මෙහිදී භාණ්ඩ වර්ග දෙකටම අදාල, අවසාන රුපියල ඒ මත වැය කිරීමෙන් ලබන ආන්තික උපයෝගීතාවය එකිනෙකට සමානයි. එ නිසා වෙනත් ලක්ෂ්‍යයකට යන්න වුවමනාවක් ඔහුට නෑ . එම ලක්ෂ්‍යය ඔහුට උපරිම ලාභ ලබන ලක්ෂ්‍යය වනවා . ඒ නිසා එය පාරිභෝගික සමතුලිතය හෙවත් පාරිභෝගික තෘප්තිය උපරිම වන ලක්ෂ්‍යය බවට E පත් වෙනවා.
පහත පරිදි තවදුරටත් සමතුලිතය විග්‍රහ කල හැකි.
මේ විදියට ක්‍රමසූචක උපයෝගීතාවයට අනුව සමතුලිතය තීරණය වෙන්න නම් , උපේක්ෂා වක්‍රය (IC) හා අයවැය වක්‍රය (BC) එකනෙකට ස්පර්ශ වෙන්න ඕන කියල අපි දැනටමත් දන්නවා. එසේ ඒ ස්පර්ශ වීම නිසා , එම සමතුලිත ලක්ෂ්‍යයේදී මෙම වක්‍ර දෙකේ බෑවුම් එකිනෙකට සමාන වෙනවා. ඒ විදියට සමතුලිතය ඇතිවන ලක්ෂ්‍යයට ලක්ෂණයක් විදියටත් අපිට ඒක දක්වන්න පුලුවන්.
උපෙක්ෂා වක්‍රයේ බෑවුම = MRSxy = MUx/ MUy
අයවැය වක්‍රයේ බෑවුම = MRT = - Px/Py
එම නිසා,
-MUx/MUy = Px/Py
හරස් ගුණිතය හරහා
--->> MUx/Px = MUy / Py
මෙම ගණනය කිරීමේ අර්තය තමයි,
*X මත වැය කරන අවසාන රුපියල හරහා X ගෙන් ලබා ගන්නා අතිරික්ත උපයෝගීතාවයට සමාන අගයක් එසේ Y මත වැය කෙරුවත් ලැබෙනවා කියන එක.*
සමතුලිත ලක්ෂ්‍යයේ ලක්ෂණය ඕක වුනත් අනිත් හැම තැනකදීම ඔය දෙක සමාන වෙන්නෙ නෑ. අසමාන වෙනවා ඒක වෙන විදිය අපි කලින් පෙන්වලා දුන්නා.
ඉතින් මේක තමයි අපේ ක්‍රමසූචක උපයෝගීතාවයේ අවසානය. ඒ අනුව අපි උපයෝගීතාවය සඳහා වන සංකල්ප දෙකම මේ විදියට සවිස්තරාත්මක කතා කරල ඉවරයි 😁
ඊලඟ කොටස මෙ සංකල්ප වල දිගුවක් 🙂
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය




Comments
Post a Comment