හීනවන ආන්තික උපයෝගීතාවයට අදාල උපකල්පන
අවසානයට කතා කරේ හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය. ඉතිං මේ හීනවන ආන්තික උපයෝගීතාවය කියන සංකල්පය ඉතාම වැදගත් කියල කලිනුත් කිව්ව මතක ඇති. මේ විදියට කතා කරන හීනවන ආන්තික උපයෝගීතා න්‍යායත් අපි උපකල්පන 4 ක් පදනම් කරගෙන තමයි අධ්‍යයනය කරන්නෙ. ඒ 4 පහත පරිදි පෙන්වා දිය හැක.
🔴 1. සලකා බලන භාණ්ඩයේ ඒකකය සම්මත විය යුතුයි. (උදා -: චිකන් පීසා හෝ වෙජිටබ්ල් පීසා ලෙස එය නිශ්චිතවම සම්මත විය යුතුයි )
🔴 2. සලකා බලන කාලය තුල පාරිභෝගිකයාගේ අභිරුචිය / රසය / කැමැත්ත නොවෙනස්ව ස්තාවරව පවතී.
🔴 3. පාරිභෝජනයේ අඛණ්ඩතාවයක් පැවතීම සහ එම අඛණ්ඩතාවයේ බිඳ වැටීමක් අවශ්‍ය වන විට එය සුදුසු පරිදි කෙටි විය යුතයි. ( එනම් පාරිභෝජනය සාමාන්‍යයෙන් අඛණ්ඩව සිදු වන වා යැයි විශ්වාස කරයි )
🔴 4. සලකා බලන පාරිභෝජන කාලසීමාව තුල , පාරිභෝගිකයාගේ මානසික තත්වය සාමාන්‍ය අයුරින් පවතී. ( එනම් අසාමාන්‍ය මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක්ගේ පාරිභෝජනය විවිධාකාර , අස්තිර එකක් වෙන්න පුලුවන් , මෙතෙන්දී එසේ නොවන බව සලකයි )
මෙන්න මේ උපකල්පන 4 ම පදනම් කරගෙන තමයි අපි මේ සංකල්පය හඳුනාගන්නෙ.
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව

Comments
Post a Comment