ආදායම් සංරෝධකයේ බෑවුම
බෑවුම මොකක්ද කියල දැනටමත් අපි දන්නවා.
ඒක මෙතනටත් අදාලයි.
ඒක පහත පරිදි ගණනය කරනවා වගේම , ඒක අපි *"ආන්තික පරිවර්තන අනුපාතිකය"*(Marginal rate of Transformation)-(MRT) කියල හදුන්වනවා.
මේ විදියට ගණනය කරන BC ගේ බෑවුම සුවිශේෂී. හේතුව තමයි වක්‍රයේ කොතැන වුනත් මේ බෑවුම සමානයි. එකම අගයක් ගන්නවා. මොකද මේක රේඛීයයි. වක් වෙලා නැති රේඛාවක් නිසා.
සරල තේරුම තමයි. ආදායම වැඩි හෝ අඩු නොවී. එකම ආදායම් මට්ටමක් මත කටයුතු කරන විට එක් භාණ්ඩයක පරිභෝජනය ඉහල දැමීමට අනෙක් භාණ්ඩයෙන් කොපමණ කැපකල යුතුද යන අනුපාතය තමයි MRT කියල කියන්නෙ.
ඒක මේ භාණ්ඩ වර්ග දෙකේ මිල අතර අනුපාතයෙන් සරලව ගත හැක.
MRT = - Px / Py
----------- - - - - - - - - - - - - - - - - - - ----------------
I = (Px.Qx) + ( Py. Qy)
( Py. Qy) = I - (Px.Qx)
Qy = I / Py - (Px / Py). Qx
1 / Py = Qy
Qy = Qy - [ Px / Py .Qx ]
Qy - Qy = - Px / Py .Qx
O / Qx = - Px / Py . Qx / Qx
පහත උදාහරණ යෙන් මෙහි ගණනය කිරීම් අවබෝධ කරගත හැක.
කලින් කිව්ව වගේම මේ B7 වගේ ලක්ෂ්‍යයක් පරිභෝජනය කරන්න මේ පාරිභෝගිකයාට හැකියාවක් නෑ. හේතුව එවැනි ලක්ෂ්‍යය පිහිටන්නෙ BC වක්‍රයට එපිටින් හෙවත් පාරිභෝගිකයාට ලඟාවිය නොහැකි කලාපයේ. ඒ නිසා ඔහුට පුලුවන් මේ BC වක්‍රය මතම හෝ ඊට පහලින් පිහිටි ලක්ෂ්‍යයක කටයුතු කිරීමයි. හැබැයි තමන්ට තියෙන ආදායමින් උපරිම ප්‍රයොජන නොගෙන ඉන්න පාරිභෝගිකයාට වුවමනාවක් නෑ. ඒ නිසා ඔහු අනිවාර්යයෙන් සෑම විටම වක්‍රය මත කටයුතු කරනු ඇත.
😊☺️😄
#EconwithASM
#Economics
#conusumerbehaviourtheory
#Utility
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව
#Ordinalutilitytheory
#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments
Post a Comment