පාරිභෝගික හැසිරීම් න්‍යාය - වරණ යට අදාල උපකල්පන අංක 3
තුන්වන හෙවත් අවසාන උපකල්පනය දෙවන උපකල්පනයට සෘජුව සම්බන්ධයි.
දෙවන උපකල්පනයේ කියන්නේ පාරිභෝගිකයා තමන්ගේ තීරණ ගන්න යද්දී විවිධ බාධක වලට මුහුණ දෙනවා කියන එක. තමුත් කිසි විටකත් පාරිභෝගිකයා සැලෙන්නෙ නෑ. ඒ කියන්නේ, පාරිභෝගිකයා ඒ බාධක වලට යටත් වුණත් ඒ අවස්ථාවේ හැටියට ගන්න පුලුවන් ආතල් එක ගන්නව කියන එකයි 😁. හිතන්න අර විදියට කඩචෝරු කන්න මාර ආසාවෙන් ගියපු ඔයා දකිනවා මේ තියන උද්ධමනයත් එක්ක හැම බඩ්ඩක්ම මාර විදියට ගනන් ගිහින්😡. 10 යේ චොකලට් එක 25 වෙලා. 10 බයිට් එක 20 වෙලා. ජෙලි එක 30 වෙලා😲 . හැබැයි ඔයා සැලෙනවද ඔයාගෙ ආදායම මදි කියල නෑ නේද ? ඔයා ගන්නවා ඔයාගෙ 10 න් ගන්න පුලුවන් දෙයක්. ඉතිං ඔයා ගන්නවා රුපියල් 2 කේ චොක්ලට් කෑලි 5ක්. 😍
අන්න ඕකයි කියන්නෙ මේ උපකල්පනයෙන්. බාධා වලට යටත් වුවද ඒ මොහොතේ ගත හැකි උපරිම තෘප්තිය පාරිභෝගිකයා විසින් ලබා ගනී. 😁👍
#Economics
#Econsinhala
#Utility
#EconwithASM
#theoryofconsumerbehaviour
#පාරිභෝගිකහැසිරීම්න්‍යාය
#උපයෝගීතාවය

Comments
Post a Comment