පාරිභෝගික සමතුලිතය ගණිතමය ප්‍රවේශය 2


 ඊට පස්සෙ ආන්තික උපයෝගීතාවය දිහා බැලුවොත් , ආන්තික උපයෝගීතාවය නිර්මාණය කරගන්නේ මුලු උපයෝගීතාවය හරහා. ඒ කියන්නේ සරලවම ආන්තික උපයෝගීතාවය කියන්නේ මුලු උපයෝගීතා වක්‍රයේ බෑවුම හෙවත් පලමු අවකලනය. ඒ කියන්නේ මුලු උපයෝගීතාවය එක් වතාවක් අවකලනය කලවිට ලබන පිලිතුර තමයි ආන්තික උපයෝගීතාවය. සරලවම ඒ ඒ පාරිභෝජන ඒකක මට්ටම් වලදී අපි වෙන වෙනම මුලු උපයෝගීතා වක්‍රයේ බෑවුම ගණනය කරල , ඒ ඒ පාරිභෝජන මට්ටම් වලටම ඒ බැවුම් අගයන් සම්බන්ධ කරල වක්‍රයක් ඇන්දොත් අපිට එවිට ලැබෙන්නේ ආන්තික උපයෝගීතා වක්‍රයමයි. 


මොකක්ද මේ බෑවුම, 

බෑවුම කියන්නේ යම් කිසි ශ්‍රිතයක , ස්වායක්ත විචල්‍ය එක් ඒකකයකින් වෙනස් කරනු ලැබූවහොත් පරායක්ත විචල්‍ය කොපමණ වෙනස් වනවාද යන්න වේ. මෙහිදි පාරිභෝජන ඒකක ගණන එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුලු උපයෝගීතාවය කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේද යන්න වේ. 



මෙතැනදි නැවත මතක් කරගන්න මුලු හා ආන්තික උපයෝගීතා වක්‍ර දෙකේ සබඳතාවය. 


🔴 TU ඉහල යද්දී , ආන්තික උපයෝගීතාවය හෙවත් TU ගේ පලමු අවකලනය[ U '(Q) ] ( TU ගේ බෑවුම ධන වේ ). 


🔴 TU උපරිම වන විට , ආන්තික උපයෝගීතාවය හෙවත් TU ගේ පලමු අවකලනය[ U '(Q) ] ( TU ගේ බෑවුම ශූන්‍ය  වේ ). 


🔴 TU පහල යද්දී , ආන්තික උපයෝගීතාවය හෙවත් TU ගේ පලමු අවකලනය[ U '(Q) ] ( TU ගේ බෑවුම ඍණ වේ ). 


ඒ අනුව අපි මුලදීම කියපු දේ ඔප්පු වෙනවා. අපි කිව්ව මුලු උපයෝගීතා වක්‍රය වැඩි වෙලා , අඩුවන එකක් කියල. ඒක් තමයි මෙතන වුනේ. TU ගේ බෑවුම ධන වෙලා ඍණ වුනේ අන්න ඒ නිසා. 



දැන් මේකත් හිතන්න.

අපි බලනවා ආන්තික උපයෝගීතා වක්‍රයේත් බෑවුම. සරලවම අපි ඒ ඒ ඒකක ගණනට අදාලව මුලු උපයෝගීතාවයේ දෙවන අවකලනය හෙවත් ආන්තික උපයෝගීතා වක්‍රයේ පලමු අවකලනය ගණනය කරනවා. 


අපි දැනටමත් දන්නවා ආන්තික උපයෝගීතා වක්‍රය , මුලු උපයෝගීතා වක්‍රය වගේ නෙවේ. මුල සිටම පහලට බෑවුම් වන එකක් කියල. හරියට නිකං ඉල්ලුම් වක්‍රය වගේ. ඒ නිසා ආන්තික උපයෝගීතා වක්‍රයේ බෑවුම සෑම විටම ඍණ වේ.




U '' (Q) < 0 


[ ආන්තික උපයෝගීතාවයේ බෑවුම සෑමවිටම 0 ට අඩුයි. ]


😁


#EconwithASM

#Economics

#Utility

#Cardinalutilitytheory

#Consumerbehaviour

#Econ

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2