උපේක්ෂා වක්‍රය 2

 

මේ IC වක්‍ර පහත පරිදි 3ක් නිර්මාණය කරමු. 


අපි කලින්ම කියපු more is better සංකල්පය ඉතාම වැදගත් වෙනවා මේවා අවබෝධ කරගන්න. 


බලන්න පහත IC වක්‍ර තුනක් තියෙනවා. U1 , U2 , U3 ලෙස. 

U1 වල කොයි ලක්ෂ්‍යයයේ හිටියත් උපයෝගීතාවය එකමයි නේද ? අපි දැනටමත් ඒක දන්නවා. 

U2 වල කොයි ලක්ෂ්‍යයයේ හිටියත් උපයෝගීතාවය එකමයි.

U3 වල කොයි ලක්ෂ්‍යයයේ හිටියත් උපයෝගීතාවය එකමයි.



හැබැයි කවදාවත් U1 = U2 = U3 කියල කියන්න අපිට බෑ. හේතුව more is better. බලන්න අපි ඉන්නේ U2 වල නම්, U1 වල කුමන හෝ ලක්ෂ්‍යයකට අපි ගියොත් මොකද වෙන්නෙ. අපේ සමස්ත උපයෝගීතාවය ,තෘප්තිය අඩු  වෙනවා නේද ? මොකද U2 වල ඉදන් U1 වල කොහෙට ගියත්, අනිවාර්යයෙන්ම එක් භාණ්ඩ වර්ගයකින් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අඩු කරන්න වෙනවා. 

අනික් අතට U2 වල ඉදන් U3 වලට ගියා කියල හිතන්න. දැන් අනිවාර්යයෙන් ම වැඩි වැ⁣ඩියෙන් පරිභෝජනය කරන්න පාරිභෝගිකයාට පුලුවන් වෙලා තියෙනවා. ඒකට පාරිභෝගිකයා කැමති මොකද එහෙම වුනාම තෘප්තිය වැඩි වෙනවා. හේතුව more is better. එම නිසා,

ලබන උපයෝගීතාවයේ තරම අනුව,  


U1 < U2 < U3 


😊☺️😄

#EconwithASM

#Economics

#conusumerbehaviourtheory

#Utility

#පාරිභෝගිකහැසිරීම්න්‍යාය

#උපයෝගීතාවය

#ආර්ථිකවිද්‍යාව

#Ordinalutilitytheory

#ක්‍රමසූචකඋපයෝගීතාවය


Comments

Popular posts from this blog

පාරිභෝගික සමතුලිතය වෙනස් වීම

ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක වල හැසිරීම

හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය - Thw Law Of diminishing Marginal Utility

නිෂ්පාදන න්‍යාය හැඳින්වීම

සංඛ්‍යාසූචක උපයෝගීතාවය - Cardinal Utility Approach

පාරිභෝගික සමතුලිතය

මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක

පාරිභෝගික වරණය හා පෙලගැස්වීම

මිල පරිභෝජන වක්‍රය හා ඉල්ලුම් වක්‍රය

මිල වෙනස්වීමක ප්‍රතිවිපාක 2