මුලු උපයෝගීතාවයේ උපරිමය
දැනට අපි මුලු උපයෝගීතාවය සහ ආන්තික උපයෝගීතාවය වෙන වෙනම තමයි කතා කරේ. නමුත් අපි දැනටමත් දන්නවා එම වක්‍ර දෙක අතර පැහැදිලි සබඳතාවක් තියෙන වග. අන්න ඒ දේ තමයි අපි මෙතන බලන්නෙ. එය කොටස් 3කට බෙදලා දකිමු.
🔴 ඒ විදියට මෙතෙන්දී මුලු උපයෝගීතාවය ඉහල නැඟල උපරිමයකට ලඟා වෙනවා. අන්න ඒ කොටසේදී ආන්තික උපයෝගීතාවය පහල ගියත් එය පවතින්නේ ධන කලාපයේ , එනම් ඒ කොටසේදී ආන්තික උපයෝගීතාවයේ අගය , ධන අගයක් වෙලා පවතිනවා.
🔴 ඊලඟ අවස්ථාව තමයි මුලු උපයෝගීතාවය උපරිම වන වේලාව. හොඳට බලන්න ඒ වෙලාවේ ආන්තික උපයෝගීතාවය බිංදුවයි ( zero). ඒ point එක ඉතාම වැදගත් ඒක ඉදිරියට අතවශ්‍යයි.
🔴 ඊලඟ කොටස තමයි, මුලු උපයෝගීතාවය ක්‍රමිකව පහල බැසීම. ඒ අනුව ඉන් පසුව දිගටම මුලු උපයෝගීතාවය පහල යනවා. ඒ විදියට එම කොටසට ආදාලව ආන්තික උපයෝගීතාවය සෑම විටම ඍණ අගයක් ගනී. එසේ ඉන් පසුව දිගින් දිගටම ආන්තික උපයෝගීතාවය ඍණ අගයක්ව පවතී.
❗මුලු උපයෝගීතාවය ඉහල යද්දී ---> ආන්තික උපයෝගීතාවය ධන අගයකි.
❗මුලු උපයෝගීතාවය උපරිම වන විට ---> ආන්තික උපයෝගීතාවය ශූන්‍ය වේ.
❗මුලු උපයෝගීතාවය පහල යද්දී ---> ආන්තික උපයෝගීතාවය ඍණ අගයකි.
#EconwithASM
#Economics
#Utility
#Cardinalutilitytheory
#Consumerbehaviour
#Econ
#උපයෝගීතාවය
#ආර්ථිකවිද්‍යාව


Comments
Post a Comment